19. කොටස

710 69 7
                                    


දීර්ඝ  සිප ගනිමකින් පසු තව දුර යන්න බැරි නිසා බෙබි හාමු සිතුකට එහා පැත්තෙන් හාන්සි උනා. දෙන්නම උඩු අතට හාන්සි වෙලා වහල දිහා බලන් හිටියා. ටික වෙලාවකින් සිතුක බෙබි හාමු එක්ක කතා කරන්න පටන් ගත්තා.

"බෙබි හාමු......"

"ම්ම්ම්ම්..."

"මම නිමල්ගෙන් ඇහුවා... ඌ කැම්පස් යන්න කැමති කිව්වා..."

"මන් දන්නවා... ඔයාලා කොහොමත් යනවා කියලා.... එ නිසාම මන් අප්පච්චිට කතා කරලා ඔය දෙන්නත් කැම්පස් එකට දාලා දෙන්න කිව්වා...."

"ඒ මෝඩයා.... අපි යන්න බැ කිව්වනම් එහෙම...."

"බලෙන් එක්කන් යනවා බන්.... ඔක හිතන්නත් දෙයක්ද..."

"හහ් හිතන් ඇති මාව බලෙන් එහෙම එක්කන් යන්න පුළුවන් කියලා...."

"යන්න බැ කිව්වනම් බලා ගන්න තිබ්බා.... දැන් ඉතින් කැමතිනේ.... ආය එ ගැන හිතන්න ඔනි නැ...."

"එක නෙවෙයි බෙබි හාමු...."

"ම්ම්ම්ම්....."

"අපේ අප්පච්චිලා අපිවයි නංගීලාවයි පිලි ගනිද.... කොච්චර පන්ඩිතකමට නංගීට එදා මන් එහෙම කිව්වත්... මට බයයි එයාලා අපිව පිලි ගන්නෙ නැති වෙයි කියලා...."

"එක අපි බලමුකො සිතු... ඉස්සරහා ගැන නොහිතා දැන් මේ මොහත ගැන හිතල සතුටු වෙන්න...."

"ඔයා කිව්වට මට එ ගැන හිතෙනවා බෙබි හාමු... මෙක ගමක්.. මෙහෙ මිනිස්සු මේ සම්බන්ධයෙන් ගත්තොත් බලන්නෙ වැරදි විදියට බෙබි හාමු... අපේ අම්මා අප්පච්චිලා උනත් ගම් වල හැදුන මිනිස්සු...."

"දැන් ඔයා කියන්නෙ අප්පච්චි දැන් ගත්තොත්... අපිව වෙන් කරලා ඔයාට වෙන කෙනෙක් බන්දලා දෙයි කියලාද....."

"ම්ම්ම්ම් ඔව්...."

"එහෙම උනොත් එදාට ඔයා මාව අමතක කරලා... එ කෙනාව බැදලා සතුටින් ඉන්න සිතු...."

"මොකක්ද බල්ලෝ ඒ කිව්වේ... තොව මම-....."

බෙබි හාමු කිව්ව මොඩ කතාවට සිතුකට තරහා ගිහින් බෙබි හාමුගේ බඩ උඩට ඇවිත් කකුල් දෙපැත්තට දලා ඉදගෙන බෙබි හාමුගෙ බෙල්ලෙන් අල්ලන් කම්මුල් දෙකට ගහන්න ගත්තා.

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now