24. කොටස

651 63 9
                                    





"සුදු අයියේ....."

"කව්ශි....."

"සදුලා මේ පැත්තට එනවා දැක්කා. මම එ දෙන්නව මග නවත්ත ගන්නම්.... ඔයාලා කතා කර කර ඉන්නකෝ....."

සිතුකලා ලගට ආව කව්ශි එහෙම කියලා සිතුකට හිනාවක් දිලා බෙබි හාමුටත් ඇහැක් ගහලා යන්න ගියා.

"සිතු...."

"ම්ම්ම්...."

"අපි වෙන දවසක පහන් පත්තු කරමුද... මේ හැමදේම විසදගෙන ඇවිත්...."

"ම්ම්ම් හරි එහෙනම් එන්නකෝ අපි අතනින් වාඩි වෙමු...."

බොධියෙන් පහත් වෙලා තියෙන බෝ අතු වලින් හෙවන වෙලා තියෙන තැනක සිතුක බෙබි හාමුවත් අතින් අල්ලන් ගිහින් වාඩි උනා. ඉදගෙන ගොඩක් වෙලා ගියත් සිතුක කතා කරන්නෙ නැතිව බොධිය දිහා බලන් කල්පනා කරන්න ගත්තා. බෙබි හාමු සිතුක දිහා බලන් හිටියේ කොයි වෙලාවේ හරි කතා කරයිනේ කියලා. එත් සිතුක කරේම බෝධිය දිහා බලන් හිල්ලුව එක.

"මොනවද සිතු ඔච්චර කල්පනා කරන්නේ...."

බෙබි හාමු කතා කරන්න පටන් ගත්තම බෝධිය දිහා බලන්ම බර හුසමක් අත ඇරලා සිතුකත් කතා කරන්න පටන් ගත්තා.

"අපේ ආදරෙ පවක්ද බෙබි හාමු?...."

"සිතුට එහෙම හිතෙනවද?....."

"නැ මට අපේ ආදරෙ ගොඩක් වටිනවා... එත් අම්මාලා එක දකින්නෙ එහෙමනේ.... එයාලා අපිව තෙරුම් ගත්තනම් අද මම මෙහෙම එයාලව අත් ඇරලා යනවාද නැද්ද කියලා හිතන තැන ඉන්නෙ නැති වෙන්න තිබුනා...."

"අනේ මැනික..... මෙච්චර වෙලා හුල්ල හුල්ල ඔකද හිතුවේ....."

"ම්ම්ම් ඔව්.... මට එහෙම එක පාරම හිත හදා ගන්න අමාරුයි තිනු.... මොනා උනත් ඒ මගෙ අම්මලා..."

"අපි හැමදාටම එයාල අත් ඇරලා යනවා නෙවෙයිනේ මැනික.... ටික කාලෙකට ඇත් වෙනවා විතරයිනේ.... ඔයාව මගෙ කර ගත්තට පස්සෙ ඇවිත් අපි එයාලට කතා කරමු.... හැබැයි ඔයා මන් එක්ක එන්නෙ අකැමැත්තෙන්නම් මන් ඔයාව එක්කන් යන්නෙත් නැ සිතු....."

"එහෙම දෙයක් මන් දැන් කිව්වද අහ්.... මන් දැන් තමුසෙ එක්ක එන්න කැමති නැ කියලා කිව්වද...."

මතක කදුළු ( Complete ) ✔️✅Where stories live. Discover now