69

706 109 111
                                    

මම හිටියෙ fb එකෙ මැරුනු කට්ටියගෙ ප්‍රෝෆයිල් බල බල... මේ පොඩි ඌන්ට මාර ප්‍රශ්න කන්දරාවක් මේ fb එක ඇතුලේ තිබිලා තියෙන්නෙ බලන් යද්දි. යකෝ ඔය වයසෙ මට ගොඩක් ප්‍රශ්න තිබ්බත් මම fb වල දදා වැලලුනෙ නෑ. මම නම් කියන්නෙ සෝශල් මීඩියා වල තමන්ගෙ පෞද්ගලිකත්වය ලිමිට් කරන්න ඕනේ. ඔන්න ඔහෙ බැලේ නැට්ටුවාගෙ ප්‍රෝෆයිල් එකට ගිහින් මයින්ඩ් කූල් කරගන්න ඕනේ.

ආදරේයි ආදරේයි ආදරේයි.... ට හිකෙන්න මූ ආදරේයි නොකියන කෙනෙක් ඒක අස්සෙ නෑනේ. බර්ත්ඩේ විශ් එකත් දාලත් අන්තිමේට ආදරේයිලු, උම්මාලු, මූගෙ අම්මගෙ හැදියාවක් බං මේක. ඕකගෙ කුට්ටම තලන්න වටින්නෙ මේවා දැක්කාම.

'හුස්ම හරි මහන්සි දැන් නැවතියන්...'
'දවසක මාත් යන්න යයි. එදාට මාව මතක් වුනත් වැඩක් නෑ...'
'ලබන අවුරුද්දේ මම මනමාලයෙක් වෙන්න යන්නෙ.'
'අගයක් නැත්තම් වදයක් වෙන්න නරකයි.'
'මම එයාට ලව්, එයා අරයට ලව්, අරයා මට ලව්...'
'මම නැතුව ඔයාට පාළු නැතත් මට ඔයා නැතුව පාළුයි.'

"මොන ලබ්බක්ද එකක් කියපන්කො... මට දැන් ඩිස්පේශන් වගෙ..." ඔලුවත් අල්ලන් මම මටම කියාගත්තා.

"ටකේෂ් මොකක්ද ප්‍රශ්නේ මොකක්ද අවුල..." සුරේකා දුවගෙන මගෙ ලගටම ඇවිත් අහද්දි මමත් බය වෙලා එකි දිහා බලන් හිටියා

"ඔයාට අවුලක්ද?"

"න්... නෑ..." එකි මගෙන් අහන්නෙත් නැතුව මගෙ ලැප් එක දිහා බැලුවේ ඕක මහා කැත පුරුද්දක්.

"ඔයා ඇයි මේ ලක් රූගෙ ප්‍රෝෆයිල් එක බලන්නෙ."

"න්... නිකන්... ඉන්ටර්වීව් එක ගැන."

"ඔය ලක් රූ අර බැලේ ඩාන්සර් ගෙද?"

"හෑ... ඇයි එහෙම ඇහුවේ."

"නෑ එයාගෙ ඔෆිශියල් ප්‍රෝෆයිල් එක ඕක නෙවේ..."

"කෝ..." කෙල්ල මගෙ ලගටම ඇවිත් ලක් රූ කියලා විතරක් ගැහුවා. එයා යූස් කරන්නෙ ලක් රූ කියලා. එකෙ මූ හෙන ඩීසන්නෙ. ශෝස් වලයි, බැලේ ෆොටෝ එහෙමයි විතරයි තියෙන්නෙ.

"එතකොට අරක ෆේක් වෙන්න ඇති." එකි ආයෙත් ඒ ප්‍රෝෆයිල් එක බලනවා. මුන්ගෙ කෝ සදාචාරයක්.

❄ ශීත 🍻 සම්පූර්ණයි ✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ