• දහඅට වන දිගහැරුම •

587 148 120
                                    

නොදැනීම දින ගත වෙලා ගිහින් කැම්පස් එකේ ඩීජේ එක තියෙන දවසත් උදා උනා . තීනු කලින්ම ප්ලෑන් කරලා තිබුනු විදිහට ගෙදරට බොරු කරලා කොහොම හරි ඩීජේ එකට පැන ගත්තා . හැන්දෑව වරුවේ පටන් ගත්තු ඩීජේ එකේ තවමත් නිමාවක් නම් පේන මානෙක තිබුනේ නැහැ . හැබැයි තීනුට ඉවරයක් පෙන්න ඕනේ උනෙත් නැහැ .

මොකද තීනුයි තීර්ථයි දෙන්නා ඩීජේ එක මැදන් ඉදන් නටන්නේ උන් දෙන්නා ජීවත් වෙන අන්තිම දවස අද වගේ . නටන ගමනුත් තීනු තමන්ගේ වපර ඇහැ දාලා බැලුවේ යුගාන්ව . ඩීජේ එක පටන් ගත්තු වෙලේ තීනු යුගාන්ව දැක්කත් ඊට පස්සේ නම් තීනුට යුගාන්ව හම්බ උනේම නැහැ . ඉතිම් යුගාන් පේන්න නැති එක තීනුට ලොකු ප්‍රශ්නයක් උනා .

" අඩෝ තීර්ථ උබ යුගාන්ව දැක්කද ?? "

තීනු නටන අතරෙම තීර්ථ ගෙන් අහද්දි තීර්ථ නටන එක නතර කරලා තීනු දිහා බැලුවා . මෙච්චර ආතල් එකේ ඩීජේ එක එන්ජෝයි කරන්නේ නැතුව තීනු මොන කෙහෙල් මලකටද යුගාන්ව හොයන්නේ කියලා තීර්ථට හිතා ගන්න බැරි උනත් තීනු මේ වගේ ෆන් එකක් ගන්න දවසක් යුගාන් නිසා විනාස කර ගන්නවා දකින්න නම් තීර්ථ අකමැති උනා .

" මොකටද උබ ඒ ලබ්බව හොයන්නේ ?? "

" නිකන් !! දැක්කා නම් කියපන්කො !! "

" ඇයි ඕකා දැන් හස්නා එක්ක නට නට හිටියේ අතන "

තීර්ථ කොල්ලො කෙල්ලෝ ගොඩක් එක් රොස් වෙලා නටන තැනක් තීනුට පෙන්නද්දි තීනු ඉස්සිලා ඒ දිහා බැලුවා . එතකොටයි තීනු දැක්කේ දෙකඩ කැඩිච්ච ඉස්සෙක් වගේ නටන යුගාන්ව . හස්නත් ඒ අස්සේ යුගාන් ගේ අතේ එල්ලි එල්ලි නටද්දි තීනු ඒ දිහා තමන්ගේ ඇස් හීනි කරලා අහක බලා ගත්තා . කොහොමත් ඕවා දකිද්දි තීනු ගේ ඇස් වලට කටු අනිනවා  .

" බලපන් ඌ නටන කැත කඩියෝ ටිකක් මුගෙ පුක කාලා වගෙ හරිම කැතයි !! "

තීනු තමන් නටන එක නතර කරලා යුගාන් නටන්  එකේ ඇද කුද හොයන්න ගද්දි තීර්ථ තීනුට බැන බැන නටන්න ගත්තේ එක එකාගේ ඇද කුද හොයන්න ගිහින් තමන්ගේ ආතල් එක කුඩු කරන්න ඕනේ නැති නිසා .

" ඌ ඕන එකක් කර ගත්තුවාවේ මෙන්න මෙහෙට වරෙන් තීනු නටන්න !! "

තීර්ථ තීනුගේ අතින් ඇදගෙන කට්ටිය ගොඩක් ඉන්න තැනකට ඇවිත් පිස්සෙක් වගේ නටන්න ගද්දි තීර්ථ නටන විදිහ දැකපු තීනුට ඉබේටම හිනාවක් ගියා . යුගානුත් හස්නා එක්ක ජොලියේ නටන නිසා තීනුත් තීර්ථ එක්ක නටන්න ගත්තා . හැබැයි තීනුගේ ජීවිතේ තිබුනු සවුත්තුම ඩීජේ එක උනේ මේක මොකද මේ ඩීජේ එකට හස්නත් ආපු නිසා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now