Chapter 3

121 20 3
                                    


ටෙහියුන්ග් මීට පෙර කිසිදා සිදු නොවූ අන්දමින් පෙර දින රාත්‍රියෙ සිදූවීමෙන් පසුව දුර්වල වුනා..ඔහුගේ ගෙල ප්‍රදේශයෙන් පැමිනෙන වේදනාව වැඩිවෙන වාරයක් පාස ඔහුගේ දෑස් ගිනි දළුමෙන් කේන්තියෙන් පිටාර ගලනවා..ඒ කවුරුන් විය හැකිද..ගැහැනියක් නම් විය නොහැක..මොකද ටේහියුන්ග් ඔහුගේ පරන පෙම්වතිය ජෙනිෆර්ගෙන් පසුව කිසිදු ගැහැනියක් සමග කායිකව සම්බන්දතාවයන් සිදුවූයේ නැහැ..ඔහුට හොදට මතකයි ඒ හිටියේ පිරිමියෙක් වග..සාමාන්‍යෙන් ටේහියුන්ග් ඔහු සමග රාත්‍රිය ගතකරන පුද්ගලයින් කවුරුන්දැයි සොයාබලනවා..නමුත් පෙරදින හදීසියේ මුන ගැසුනු ඒ තරුනයා පිලිබදව කිසිදු විස්තරයක් සොයාගැනීමට නොහැකි වීමත් ටේහියුන්ග් තවත් කෝප වීමට හේතුවක් විය..

ටේහියුන්ග් නැවත යථාතත්වයට පත්වුන විගසම ඔහු තම සහයකයා සමග සෝල් නගර පුරාම ඒ තරුනයාව සොයමින් සිටියා..
ටේහියුන්ග් ලගින් පැමිනෙන සුවද ඔහුට හිසරදයක්..ඔහුව මාක් කල එ තරුනයාගෙ ඉව සොයා ගැනීමට නොහැකි වීම ඔහුට තවත් ගැටලුවක්..

එදා රෑ එකපාරට ඇතිවුන කුලප්පුව මොකද්ද කියලා හිත හිතා ටේහියුන්ග් තමන්ටම බැනවදිනවා..එ පුද්ගලයාව සොයාගෙන විනාෂ කරනකම් ටේහියුන්ග්ට සැනසීමක් නම් නැතිවේවි..

"කැලික්ටස්.."

"ක්ක්කුමරුනී.."

"ඌ මාව එතන දාලා යද්දි තමුන් කොහෙද ඉදියේ.."

"ක්ක්කුමරුනී..ම.මම මේ..ඒවෙලෙ.."

"ගොතගහන්නැතුව හරියට කියපම්..තමුන්ට..හොද මනුස්ස ඇගක් දැක්කා විතරයි ගින්න තද වුනා..එහෙමනේ..ලේ බොනවනම් ලේ බීපම් නැත්තම් f*ck කරපම්..එ ගෑනි එක්ක බිබී ඉන්න එක මොනතරම් අජූත වැඩක්ද ආ.."

"ස්..ස්ස් සමාවෙන්න කුමරුනී.."

"සමාව කියන වචනෙ මන් ගාව නෑ කියලා තමුන් හොදටම දන්නවනෙ..මෙ සතියෙම තමුන්ට ලේ තහනම්..සතියම වයින්.."

"කුමරුනී!!.."

"කැලික්ටස්..ඇයි මේ කෑගහන්නේ..ම්ම්ම්..සතියක් ලෙ බිව්වෙ නෑ කියලා මැරෙන්නෑනෙ නේද..හොදට කාලා බීලා ඉන්න.."

The Half Moon || taekook (hold)Where stories live. Discover now