Episode 06

74 5 2
                                    

ජන්කුක්...
එයාට ලැබුන අලුත් ජීවිතය පිලිබද සිත් ඇතුලෙන් උභතෝකෝටික ප්‍රශ්න රැසකට මුහුන දෙමිනුයි උන්නෙ..
තමා ජිවිතයේ වැඩිපුරම වෛර කරන්නාවූ නම...එම ජීවින් කොට්ඨාසය..අද ඔහුත් ඒ අතර අයිති වී ඉද්දි ජන්කුක් තම සිතට කෙසේ අවනත වෙයිද..

තම පවුලට ඔහු දැන් කෙසේ මුහුන දෙන්නද.....

මේ හැමදේකටම මුල..හදවතෙහි ඇතිවුන ආදරය..ජන්කුක්ට අනුව ඔහු ප්‍රොෆෙසර් කිම්ගෙ පසුපසින් වැටුනේ නැතිනම්..ඔහු පිලිබද ආදරයක් හිත තුල මුල් දමා නොආවේනම්..මේ කිසිවක් සිදු නොවනු ඇත..එදා ප්‍රොෆෙසර් අතින් ඔහුට මේ දේ සිද්ද නොවුනානම් ජන්කුක් අදත් සුපුරුදු පරිදි සතුටින් ජීවිතය ගත කරනවා නියතය...

ජන්කුක්ට ඔහුගේ ජීවිතය අප්‍රසන්න වීමට පටන් ගෙන...තමා වැම්පයර් හමුවක් බව මතක්වෙන වාරයක් පාසා ශ්වසන කුටීර වල සුසුම් රැලි හිරවනවා මෙන් දැනෙන්නේය...

හදවතට ලංවුණ පලවෙනි මනුස්සයත් ඔහු වෛර කරන ජාතියේ මනුස්සයෙක් වෙද්දි...ඔහු තම සිත කෙසේ නම් සනසාගනීවිද..

ටේහියුන්ග් ඔහුට උපකාර කරන බද පවසා සිටියද තමාව මේ නරුම ජීවිතයට ඇද දමපු ඔහුව නම් කෙසේ විශ්වාස කරන්නද..

ජන්කුක්ට තරහයි..ඔහුට මේ වවුල් මොටාව මරාදමන්නට තරම් කේන්තිය..ඔලමොට්ටල වවුල් මොටා..හුරතල් ජන්කුකීනම් සිතින් ටේහියුන්ග්ගේ පලු යැව්වේ නම් අන්න එහෙමයි...

ටේහියුන්ග්නුත් අනිත් වවුලන් මෙන් කුකිබබාව මරා දමයිද කියලත් ඔහුට සැකයි..ලස්සන වුනත් වවුලා වවුලාමය..ජන්කුක් ටේහියුන්ග්ව සාමාන්‍ය වවුල් මොටෙක් ගානට දමා සිත ඇතුලෙන් තටු ගලවා මරාදමා ද අවසන්..අනේ ඉතිම් සිතැගි පරිදි කුකිබබාට ඒ සා හපන් කමක් කිරිමට හැකියාවක් තිබේනම් කුමක් නම් කල නොහැකිද..

තමා පෙර දී ටේහියුන්ගේ ලේ උරා බීපු හැටි මතක්ව වවුලන් කෙසේ නම් හිත හදාගෙන ලේ බොනවාදැයි කල්පනා කරයි..

ඇද උඩ වාඩිව කොට්ටයකුත් තුරුල් කරන් සිතුවිලි මන්දාකිනියක හිරවෙලා උන්න කුකිබබා දිහා බලන් උන්න ටෙහියුන්ග්ට නම් ඒ දර්ශනය ඉතා මනරම්ය..ඇයි ඉතිම් චෙරිපාට උල් වෙච්චි තොල්..පීච් පාටට හුරු කම්මුල්..දකින වාරයක් පාසා ආසහිතෙන ඒ බොල ඇස්..සැරින් සැරෙ හුරතල් විදිහට වෙනස් වෙන ජන්කුකීගේ සුන්දර මුහුන මෙ විදිහට දකින්න ලැබෙන්නෙ ගෙදර අයටම විතරයි..

You've reached the end of published parts.

⏰ Last updated: Apr 12 ⏰

Add this story to your Library to get notified about new parts!

The Half Moon || taekook (hold)Where stories live. Discover now