42

3K 290 307
                                    

"මයෝන් නෙලීශව දැක්කද?"

"නෙලීශ අයියා අර ටෙක් එක ගාව පොඩි ගේට් එක තියෙන පැත්තට ගියා."

"ආහ් එහෙමද?මේ වැඩේ තව ටිකකින් ඉවරයිනේ.ඊට පස්සේ ඔයත් යන්න ඔඩිට් එක ගාවට. තව පැයකින් විතර හාමුදුරුවෝ වඩම්මවාවි.ඔයා මුතු කුඩ ඉහලන්න ඉන්නවද?"

"ඔව් අයියේ."

"එහෙනම තියෙන වැඩක් ඉවර කරලා යන්න.ලාවන්‍ය කොහෙද?"

"එයා 8 9 සෙක්ශන් එකට ගියා.ඒකෙ ලමයින්ව ඔඩිට් එකට එක්කන් එන්න කියල.මාත් ඒ පැත්තට යන්න බැලුවේ."

"හරි ලාවන්‍යට වැඩේ ඉවර වෙලා මාව හම්බෙන්න එන්න කියලා කියන්න."

"හරි අයියේ.අයියා කොහෙට්ටද යන්නේ?"

"මම දැන් ප්‍රිෆෙක්ට් එකට යනව.එතන වැඩ වගයක් ඉවර වුන ගමන් මම මේන් ගේට් යනවා.මම ගියා.ලමයි ටික වාඩි කරවල තියන්න."

"හරි අයියා."

මම මයෝන් ගෙ පිටට තට්ටුවක් දාගෙන සරම අල්ලන් ඒකත් ගස්සන් ගියේ ආට් එක පැත්තට.අද සිල් ගන්න දවස.සම්පූර්ණ සීල සමාදාන ව්‍යාපාරයේම වැඩ ටික මූලිකව මට තිබ්බේ.මේ සති දෙකේම ඒවාට ම මම හිරවෙලා හිටියේ. හාමුදුරුවෝ බණට වඩින්න තව පැයක් විතර තියෙද්දි මම දිව්වේ ප්‍රිෆෙක්ට් එකට වෙද්දි සරම ඇදලා පුරුද්ද අඩුම නිසා මම බෙල්ට් එක දාල තිබ්බත් සරම අල්ලගෙනම නගින්න ගත්තේ මට මගේ ඇවිදිම් දිවීම් ගැන තිබ්බ විශ්වාසේ වැඩිකමටයි.වැලමිට ගාවට එනකන් නවපු සුදු අත් දිග ශර්ට් එකට සුදු සරම ඇදලා හිටපු මම එක අතකින් සරම ලාවට අල්ලගෙන අනිත් අතින් ඒ අතේ තිබ්බ මගේ මුද්ද ලාවට පිරි මදින ගමන් වහලා තිබ්බ ප්‍රිෆෙක්ට් එක ඇතුලට ගියා.

වහල කිව්වට භාගෙට දොර අඩවල් කරලා තිබ්බ.එකේ කෙලවරක තිබ්බ මගෙයි චිරාගෙයි වගේම නෙලීශ රශ්වාන් එක්ක වර්ශයගෙත් බිම දාල තිබ්බ බැග් ගොඩ දිහත් බලාගෙනම මම ප්‍රිෆෙක්ට් එකේ වොශෲම් එක ට එහාට වෙන්න තිබ්බ පොඩි කාමරේට රින්ගගත්තේ එක දොර ඇරගන්න ගමන් .මම යනකොටත් එකේ ඇතුලේ තඩිම තඩි ක්‍රිකට් කැපාගේ ශර්ට් එක අස්සට බැහැගෙන ඉන්න එකා ඇතුලට ආපු මන් දිහා බලලා අත් දෙකත් බැදගෙන කටත් අඩන්න වගේ හදාගෙන අත් දෙකත් බැදගෙන හිටියේ මම ඌ ගාවට ගිහින් අත් දෙකත් සාක්කුවට දාන් හිටගනිද්දි.චිරා නෙලීශයගේ ඇදුම් අස්සේ පේන්නෙත් නැ.මී පැටියෙක්ට මනුස්ස ඇදුම් අන්දල වගේ.

නසරාණියාDonde viven las historias. Descúbrelo ahora