පහන් ටැඹ - ⁷ -

272 57 132
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

'අම්මෙ....හ් මං යන්න ඕනා...කෝ මගේ බත් එක?'

'ඉදපං සුදු පුතා....උබ හිතුවද බත් එක ඔතලා අතේ තියන් ඉන්නවා කියලා...'






අදත් නින්ද ගියා!

ඇයි ඉතිං මගේ නිල් ඇස් කරදරකාරයා අදත් මගේ නින්ද නැති කෙරුවනෙ...

අදත් ක්ලාස් ද දන්නෑ? අදත් බලාගන්න බැරි වෙයිද?

අදත් පරක්කු වෙලා නැගිට්ට මට සොනික් වැහුනා...

විනාඩියට දෙකට ලෑස්ති වෙලා බෙදලා තිබුන බත් එක කෑවා නෙවෙ ගිල්ලා...

දැං මේ යන්නෙ නැතුව බලන් ඉන්නෙ අම්මා බත් එක බෙදලා ගේනකං...

ඇයි අම්මෙ ඔයා මගෙ හදවතෙ බුර බුරා නැගෙන ප්‍රේමයට බත් එකක් හරස් කරන්නෙ...

කැත වැඩ අප්පා!

අදනං දෙනූව මගෑරුනොත් අම්මා තමා...ඇයි වදෙ!







'අදත් පරක්කු වෙයි අනෙ.... ඉක්මන් කරන්නෝ....හ්'

'ආ ආ ඉදා...මොකද උබට ඔච්චර හදිස්සි...මං මේ ලගකදි ඉදන් බලාගෙනයි... උදේම තකහනක් දුවනවා කඩිකුලප්පුව හැදුන එකා වගේ... මොකද උබ කෙල්ලෙක්වත් දාගත්තා?මට ලේලියෙක් තමා දැං අඩු'






ඉදලා ඉදලා අම්මා ඇහුවෙම මං කොර වෙන ප්‍රශ්නයක්....

මෙහෙමයි අම්මෙ ඉතිං....යම්කිසි දෙයක් තියනවා තමයි....

හැබැයි මෙහෙමයි...

ඔයාගෙ සුදු පුතා කෙල්ලො ටෝක් කරන්නෑ...

කොල්ලො තමා! හෙහ් 😂

අම්මට ගමේ ලස්සනම ලේලි... නෙවෙයි ලස්සනම බෑනා ගෙනත් දෙන්නම්...

කියලා කියන්න මගේ කට නලියෑවට...

කොහෙද! ඕක කියන්න ගිහිං නිකන් හම්බෙන බත් පැකට් එකට කෙල උනොත්...

ඒ උනාට ඒක මගේ අයිතිය ම්හ්ක්...

අපිත් හම්බකරන්න මිනිස්සු හරිද අම්මෙ....

ඇයි අප්පා !






'පිස්සුද අම්මියෙ...මොන කෙල්ලොද! අපි ඔය සබ්ජෙක්ට් එකෙ නෑනෙ'





𖥕 පහන් ටැඹ 𖥕 || ʙʟ || ɴᴏɴғɪᴄ ✔Where stories live. Discover now