දඬු මොණරු 37

600 95 28
                                    

යශ් අයියා දන්නවා අපි කවුරු එයාට ගරු කරත් අර චවී පගා ආව ගමන් මොකක් හරි කුප්ප කතාවක් කියනවා කියලා. මොකද ඌට යශ් අයියා දැන් ගුරුවරයෙක් කියන එකට වඩා වැදගත් එදා ඉඳන්ම දන්න අයියගේ යාළුවා කියන දේ.

"මේ කව්ද මල්ලි මේ"

ඒකා යශ් අයියා වටේ කැරකි කැරකි ඇහුවෙ ඔලුවෙ ඉඳන් කකුල් දෙක ළඟට වෙනකම් බල බල. මට මතක් උනේ අපි ගමට ආපු මුල්ම දවස.එදත් මේ බූරු තඩියා යන්න ගිහිල්ලත් ආයේ නැවතිලා අපේ ඔළුවේ ඉඳන් කකුල් දෙක ළඟට වෙනකම් ස්කෑන් කරෙත් මේ වගේ තමයි. මගේ දුර දක්නා නුවණින් මූ රොයිටර් දෙයියෙක් කියල හොයා ගත්තෙත් එදානේ......

"අප්පට සිරි මේ අපේ කැර.... සමාවෙන්න දෙයියෝ..... මේ අපේ යශ් අයියා නේද. අම්මෝ අය්යේ උබ මනුස්ස පාටට ඉන්නව දැක්කමයි"

ඒක ඇහුණු ගමන් යශ් අයියා දෙවැට අයිනෙ තිබ්බ කෝටු කෑල්ලක් අරන් මූට ගහන්න එද්දී මේකගෙ තියෙන සුනඛ ගතියට ඇවිත් මගේ පිටි පස්සෙන් හැංගුනා. දැන් ඉතින් කීයට වත් යශ් අයියා ගහන්නේ නෑනෙ මටත් වදින නිසා.........

"අපි ඉස්කෝලෙදි බලාගමු පොඩි එකෝ හරිද"

මේක නිකන් මොන්ටසෝරි බබාලා දෙන්නෙක්ගෙ වලියක් වගේ. මහ බබා ඔක්කොටම වඩා හපන්. ඇත්තටම මේ මනුස්සයා කොහොම උගන්නයිද මන්දා. ඔය ගමේ කොල්ලො මොනව හරි කිව්වොත් කියයි ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට ගියාම බලා ගමු ' එහෙමත් නැත්නම් ගමේදි බලා ගමු '..... ෂුවර් එකටම ඔහොම දෙයක් කියයි.

ඒ අස්සෙන් මට කියයිද දන්නේ නෑ ' රෑට බලා ගමු' කියල.....…. ඒක ඉතින් කොහොමත් වෙන දෙයක්නේ....

යශ් අයියා සර්ලා තුන් දෙනා එක්ක යද්දි මම මගේ උන් දෙන්නත් එක්ක එක පෙළට වැටුනා.මල්ලිලා ආවේ අපේ පිටි පස්සෙන්.

"අනූප සර් ගෙදර ගිහින් ආවට විස්තර මුකුත් දැන ගන්න උනේ නෑ බං, මට නිකන් කෑවත් කෑවේ නෑ වගේ"

මූට ඕපයක් මඟ ඇරුණු පළවෙනි වතාවද මන්දා.......

"අනූප සර් සුපිරි බයික් එකක් අරන් ආවනේ බං, අපේ ගෙදර දාලා ආවේ"

තවත් අළුත් දඬු මොණරෙක් මේ ගුරු පාරේ ඉගිල්ලෙන්නයි හදන්නේ එහෙනම්.

දඬු මොණරු Место, где живут истории. Откройте их для себя