පෝරකේට නියම වෙච්ච එකෙක් වගේ හැඟීමක් එක්ක මේ කාමරේට වෙලා කල්පනා කර කර හිටියත් මට අවසන් ගමන් යන්න නම් කිසිම උවමනාවක් නෑ. ඇග පතේ හයියට වඩා හිතේ හයිය විශ්වාස කරන්න ඕන.....
මාව පරිස්සම් කරපු වරදට අහිංසක ජීවිතයක් නැති වෙලා තියෙද්දී ඒ අහිංසකයගෙ මරණෙට සාධාරණයක් වෙන්න වත් මං ජීවිතේ බේර ගන්න ඕන. ඒකත් කාටවත් බිලි නොවී. අනික මම එනකම් බලන් ඉන්න අය මතක් වෙද්දී කොහොම හරි කිසිම කරදරයක් නොවී මෙතනින් යන්න ඕන කියන දේ විතරයි මගේ හිතේ තිබ්බෙ.
හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුණ යශ් අයියා මාව බේරගන්න එයි කියලා. මොකද වෑන් එක අඩි පාර ළගින් ඉස්සරහට එද්දිම තමයි එයත් ආවේ. ඒ කියන්නේ වැඩි වෙලා යන්න කලින් මං නැහැ කියල එයා දැන ගනී. මගේ ෆෝන් එකත් බංකුව ලඟ බිම වැටුණනෙ. ඒක වත් තිබ්බ නම්.දැන් කරන්න දෙයක් නෑ.
රුකී බාත්රූම් එකේ නිසා උගේ ෆෝන් එක වත් තියෙනවද බැලුවත් ඌ ෆෝන් එකත් අරන් තමයි බාත් රූම් එකට ගිහින් තියෙන්නේ. අර අපේ පස්සෙන් ජිප් එකක් ආවා කියද්දි සතුටු හිතුනත් ඒක නිකං පාරේ ගිය එකක් වෙන්න ඇති. ඔය ඩිංගට වෑන් එක පස්සෙන් එන්න නම් එක්කො කවුරු හරි මේ දේ වෙනවා කියල දැනන් ඉන්න ඕන, එහෙම නැත්නම් රුකීල කරන දේවල් ගැන ඇහැ ගහගෙන එයාලා පස්සෙන් ඉන්න ඕන. ඒත් එහෙම කරන්න කව්ද ඉන්නෙ. යශ් අයියල වත් දැනගෙන හිටියේ නෑනෙ රුකීල අපේ පස්සෙන් දවස් ගානක් කැරකුනා කියල වත්.
කල්පනා කර කර හිටිය මාව ගැස්සුනේ බාත්රූම් එකේ දොර ඇරෙද්දි. රුකී බාත් රොබ් එකත් ඇදන් හිනා වෙවී ඇවිත් ෆෝන් එකත් එක්ක තව යතුරු කැරැල්ලක් වගේ එකක් මේස උඩින් තිබ්බා.
"සුදු බබා නම් වොෂ් දාලනේ ඇත්තේ. ඒකනෙ මෙච්චර සුවඳ"
ඌ මනමාල හිනාවක් දාගෙන ඇවිත් මං ළගින් ඉඳගෙන මගේ පැත්තට නැවිල සුවඳ බලන ගමන් එහෙම කියද්දී මං ටිකක් ඈත් උනා. මං සුවඳ ගහගෙන බලන් හිටියෙ මගේ යශ් අයියා වෙනුවෙන් මිසක් උබ වගේ තිරිසනෙක් වෙනුවෙන් නෙවෙයිනේ.
මගේ පපුව එකසිය ගානට ගැහෙනවා. හිතේ තියෙන පුංචිම පුංචි බලාපොරොත්තුවට වඩා දැන් දැන් බය වැඩි වෙනවා. මේ වෙලාවේ මං වෙනුවෙන් ඉන්නෙ මං විතරයි. මං හොඳටම දන්නවා මේ වෙලාවේ යශ් අයියලා මාව හැම තැනම හොයනවා කියල. ඒත් මං ඉන්න තැන හොයා ගන්න එයාලට කොහොමත් අවස්ථාවක් නැති වෙයි. ඒ නිසා මං මාව විශ්වාස කරලා මේ වෙලාවේ වැඩ කරන්න ඕන.......
BẠN ĐANG ĐỌC
දඬු මොණරු
Phi Hư Cấu"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්ර, නේත්ර... මගේ නම නේත්ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට කියල උඹේ ඔය ලස්සන මූණත් තහඩුව තලා ගන්නෙ නැතුව ඉඳපන්"