උවමනා තැන්වලදී
කොහේදෝ ඈතක හැංගෙන
නුවුවමනා තැන්වල ම
මගේ නෙත් කොනේ එල්ලෙනකඳුළ ,
මේ අහපන්!
දැනුයි මට නුඹ
ඇවැසි ම වේලාවඅතීතයේ අඳුරු අවතාර
මගේ ගෙල සිර කරන
මැදියම් කණිසම මේක!නුඹ සමග හැංගිමුත්තන් කර
අන්තයට ම හති වැටුණා අද මම
හති හලමින් ඉඳිද්දියි සිහි වුණේ
මේ මම ම පෙර කරපු කරුමකාලෙකට ඉස්සර
සෙනඟ රොත්තක් මැද
කඳුළ නුඹ පැමිණ
මගෙ ඇඟේ එල්ලුන මොහොතකමතකද එදා මම
හොඳට ම ඛැන්න සැටි නුඹට
මින් මතු මගෙ හදෙහි
පතූලක සැඟවී ඉන්නැයි සදහට
නියෝග කළ හැටි මතක ද?එදා මට මා ගැන ම
තිබූ අවිශ්වාසය හින්දා මම
සිනහව නමින් වෙස් මුහුණක්
පෑළැන්දෙමි ඊළඟ දිනේ සිටඑහෙත් දැන් ඒ වෙස් මුහුණ
වසර ගණනක් පරණයි - තදයි
එයත් දැන් මගෙ හුස්ම ටික ටික
උදුරා ගන්න තතනනු දැනෙයිඉතින් ගැලවීමි වෙස් මුහුණ
රඟපෑම් අහවර කෙරුමට
එහෙත් හුස්ම සිරවීම
නැවතුනේ නැත ඉන් පසුව දඉතින් මේ අසාපන් කඳුළ ,
මං නුඹෙන් සමා අයදින්නමී
කියන ඕනෑම තැනකට
දණ්ඩ නමස්කාර කරන්නම්දැන්වත් ඇවිදින් එළියට
මේ අවතාරවලින් මා මුදවාපන්!
මා මැරෙන්නට කලියෙන් ඇවිදින්
කෘතිම ශ්වසනය දීපන්!♥shwe_min♥
මේක ගැන මම නෝට් එකක් දාන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාලා හැමෝම මේකෙ තේරුම තම තමන්ට දැනුණ විදිහ ගැන කියාගෙන යනවා නම් මං කැමතියි..♡♡
YOU ARE READING
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘
PoetryA poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. Hope you'll enjoy it! ☺❤ Start :- 14/04/2024