පළවෙනි වතාවට මගෙ කවියක් පත්තරේක පළවුණා මේ සඳුදා.. ඉතින් මගේ සතුටයි , ඒ කවියයි දෙකම ඔයාලා එක්ක බෙදාගෙන යන්නයි මං මේ ආවේ...♡♡
* * * * *
ගමනාන්තය
ජීවිත කතා පොතේ
මතක පිටු ඉර ඉරා
බිමට දම දමා
සොයා ගියෙමි මම
නුඹ ගැන නොලියැවුණු පිටුවක්අන්තිමට ඉතිරි වුණේ
පිටකවරය පමණක්
හරවා බලද්දී
එහි පිටුපස තිබුණෙත්
නුඹේම රුවක්ඉතින් එයත් ඉරා
දෙකඩ කෙරුවෙමි මම
ඉන්පස්සේ වටපිටාව ම
අඳුරු වී ගිය බව
විතරමයි මට මතකආපසු බලනවිට මම
මගෙ දෑස් විවර කර
නුඹ වත් මම වත්
එතැන සිටියේ නැතමගෙ නමින් බෞතීස්ම කළ
කයක් පමණක්
බාල්කයක එල්ලී තිබිණ♥shwe_min♥
YOU ARE READING
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘
PoetryA poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. Hope you'll enjoy it! ☺❤ Start :- 14/04/2024