1 වන පරිච්ඡේදය

1.8K 94 58
                                    

ආර්යන් මිතාශ්ම යාදව් Pov

අපි හිටියේ ඔඩිටෝරියම් එකෙ පහළ පඩි තුනේ ඉදගෙන.කෙමෙස්ට්‍රි පිරීයඩ් එකට රිලීෆ් දාලා.ඔතන ඉදලා වැඩක් නැති නිසා හිමින්සැරේ ක්ලාස් එකෙන් පැන්නා.දැන් ඉතින් ඉමක් කොනක් නොපෙනෙන ග්‍රවුන්ඩ් එක දිහා බලාගෙන ඔහේ ඉන්නවා.තීශේන් වඩේ වගේකට වගකියද්දි ආග්‍ර ලේන්සුවේ තියෙන නූලක් අදිනවා.

"ආන් බලපන් එංගලන්තේ මහරාජ යනවා.."

"කෝ බලන්න.."

නූල විසී කරලා ආග්‍ර කෑ ගැහුවේ උඩ පඩියට තවත් බර වෙන ගමන්.තිශේන් වඩේ මල්ල මගේ පැත්තට දික් කරන ගමන් මහරාජ හොයන්න ගත්තා.මාත් හිමින් සීරුවේ ග්‍රවුන්ඩ් එක දිහා බැලුවේ කවුද ඔය එංගලන්ත කොල්ලා කියලා.

"ආන් ඉන්නේ බන්..ආද්විනු දිව්‍යදර..."

"අමෝ අමෝ පොඩි පගයා...හේතුවක් නැහැ මැත්ස් එකෙ පෙන්නන්න බැරි ඕකාව..."

"අනේ මේ..උබලා හිටපන් මෙතන සද්ද නොකර...ආයේ ඕකා මෙතෙන්ට ඇවිත් රගන්න ගත්තම මට වෙන්නේ ප්‍රේක්ෂකයා වෙන්න.."

"ආනේ ආරු මේ..ඕකාගේ රැගිල්ල බස්සන්න උඹ වරෙන් ටීම් එකට..මාස දෙකෙන් කැප්ටන් පට්ටම උබට දීලා මන් අයින් වෙන්නම්.එතකොට ඕකා නටන්නෑ..."

"ගමේ ගහන බෝලයක් ගහන් ඉමු බන්..මම ලෙදර් සෙල්ලම් කරන්නේ අඩුවෙන් නෙ.."

"ඒත් උබට බැරි නෑනේ බල්ලෝ.."

ආග්‍ර දමාගෙන කියවද්දි තීශේන් නම් ආද්විනු දිහාම බලන් ඉන්නවා.අමෝ අමෝ දිව්‍යපුත්‍ර ආද්විනු..ඕකාගේ තරම් රැස් එහා බාලිකාවේ කෙල්ලන්ගෙවත් නැහැ.පුදුම ලොකුකමක් නේ ග්‍රවුන්ඩ් එකෙදි තියෙන්නෙ යකෝ.වයිස් කැප්ටන් කියලා කෝච් සර්ටවත් නැති තරම් ලොකුකමක් මුට.අඩුම කැප්ටන් උනු ආග්‍රවත් දෙන්නෑ ඕවාගේ ලයින්.

"ප්‍රවීන් ලොක්කා නැශනල් ටීම් සෙල්ලම් කරපු නිසානේ මේ ඔක්කොම.."

"ප්‍රවීන් අතපත්තු..ප්‍රවීණයෙක් තමා ඉතින්..වැඩේ කියන්නේ පුතා අවුල්.."

"පුතා අවුල් වුනු පළියට තාත්තාට බනින්න එපා බන්.."

තීනේශ් ආද්විනුගේ පවුලේ විස්තර දිග අරිද්දි ආග්‍ර ආද්විනු දිහා බලාගෙන.මුන් දෙන්නා මාරුවෙන් මාරුවට ලයින් දානවද අරූට.ආද්විනු ලා හිටියේ ජූනියර් ක්‍රිකට් ටීම් එකට ප්‍රැක්ටිස් ඉන්න කොල්ලෝ එක්ක මොනවා හරි කිය කිය.අලුතෙන් ප්‍රැක්ටිස් ආපු හය වසරේ කොල්ලෝ ටිකක් වගේ.ආද්විනු දෙව්රාත් දිව්‍යදර අතපත්තු.ස්කූල් ක්‍රිකට් ටීම් වයිස් කැප්ටන්.මීට කාලෙකට කලින් නැශනල් ප්ලේ කරපු ප්‍රවීන් අතපත්තු ගේ එකම පුතා.තාත්තා වගේම නැතැ.ස්කිල්ස් වගේම ඒ ලොකුකමත් ඒ විදිහටම තිබ්බා.

අස්ථාවර-❕Where stories live. Discover now