-6 හි අවසන් කොටස.

392 48 17
                                    

-6 හි අවසන් කොටස

මන් කිය කියා හිටියේ Double Decker බස් එක ගැන නේ..ඒ කතාව අපි මදකට පස්සට දාමු.

'මේ තීශේන් ඒක නෙමෙයි උබ කොහෙද මිටීම වෙලේ ගියේ..?'

'ඒක දිග කතාවක් නුඹ දන්නැති..'

'කෙටියෙන් කියපන් බලන්න..'

'මේකයි හරිද..මමයි මනුලයි කැන්ටින් යන්නනේ ගියෙ.හැබැයි මැද මිදුලේදි සර්ට මාට්ටු උනා.ඉතින් එහෙම්මම ප්‍රින්සිපල් ඔෆිස් එකට අපිවත් දක්කන් යද්දි මන් පොඩි සීන් එකක් දැක්කා..'

'මොකද්ද...?'

'මන් උබට හවසට ශුවර් කරලා කියන්නම්.යමන්කෝ අද බාලිකාව ලගට අපේ නන්ගියි තෙහංසයි හම්බෙන්න..'

'කා ගැනද..'

'ම්ම්....තුහාන් ගැන..'

'ඌට කෙල්ලෙක් ඉන්නවනේ..'

'ඒත් ඌට කොල්ලෙකුත් ඉන්නවනේ..'

'විකාර කියවන්න එපා...'

'මේකනේ බන්..ඌ ඔය කොල්ලව සෙට් කරන් ඉන්නේ ට්‍රෙන්ඩ් එකට වගේ.එයා අපි ළගම කෙනෙක්..'

'අපි ළග ඉන්න එකෙක් කැමති වෙයිද ඕකාට...'

'ඒත් තුහාන් කැමති උනානේ ඒකාට...තුහාන් බොටම් කියලත් මතක තියාගනින් ඔය එක්ක..'

පන්තියට ගොඩ වෙද්දි ඇහැක් ගාලා තිශේන් කින්ඩියට හිනා උනා.ළගදි ලස්සන නාඩගමක් බලන්න පුලුවන් ඒ කියන්නේ.තිශේන්වත් තුහාන් එක්ක යාලුවෙලාද.මුනුත් ඉදලා හිටලා ගන්නේ මහ අමන ආතල් නෙ.ඒත් ඉතින් අර බල්ලව අන්දනවා කියන එකත් ලේසි නැහැ.අනේ මන්දා.බලමුකෝ මොකද්ද මේ නැටෙන්න යන වන්නම කියලා..මට බැරියැ බෙරයක් ඉල්ලන් බෙර ගහන්න..

ඒත් තිශේන්ට නන්ගි කෙනෙක් ඉන්නවද? ඒක වෙන්න බෑනෙ.මන් දන්න විදිහට තිශේන් තමයි පවුලේ එකම ළමයා.අවුරුදු ගාණක් මූව ආශ්‍රය කරලා මුට නන්ගියෙක් ඉන්නවා කියලා දන්නේ නැහැනේ.යසෛ යසෛ ආර්යන්.

'මැත්ස් එකෙ ජනෙල් ඇරලා..ඒ පැත්තෙ ගිහින් බලපන්..මන් එන්න ඕන නෑනේ?..'

'හරි මන් යන්නම්.මැඩම් ඇහුවොත්..'

'ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා කියන්නම්..'

අස්ථාවර-❕Where stories live. Discover now