"සුදුමහත්තයෝ....කන්න එන්න.."
"හරි අම්මා..."
ගෙදර ආවාත් හරි සිහියකින් නෙමේ මමත් හිටියේ..මොන තරම් මගේ හිතම රවට්ටන්න හැදුවත් ඒක මට තාමාත් කරගන්න බැරි උනා.කවදාවත් නැතුව මම ආපු ගමන් ෆෝන් එක අතට ගත්තේ කොයිවෙලෙ ආග්‍රගෙන් මැසෙජ් එකක් එයිද කියලා.
'අනේ මන්දා බන් කොල්ලට ටිකක් අමාරුයි..'
මට ඒකට රිප්ලයි කරන්න ඕන උනත් මන් නොටිෆිකේශන්ස් බාර් එකෙන් සීන් කරලා නිකන් හිටියා.සුදු අම්මා බලන් ඉන්න නිසා මන් කන්න ගියේ මේ වේලාවේ බත් කන්න මට උවමනාවක් නැතත් එයාට කරදර කරන්න බැරි නිසා.
සුදුඅම්මා කියන්නේ මන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන කෙනා...අම්මා තාත්තාව ඩිවෝස් කරේ මට අවුරුදු දෙකෙදීලු..මට අවුරුදු තුනක් වෙද්දි තාත්තා නැතිවෙන්නේ හාට් ඇටෑක් එකකින්.එදා ඉදන් තමන්ගේ ලමයිවත් පැත්තකින් තියලා මාව බලාගත්තේ සුදුඅම්මයි,පානදුර පුංචිඅම්මයි..අගට අම්මා කියලා කිව්වට එයාලා දෙන්නම මට ආච්චි.ඒ කියන්නේ අම්මගේ අම්මා උනු ආච්චිඅම්මගෙ නන්ගිලා දෙන්නා.අවුරුදු හයක් පුංචිඅම්මා ලග ඉදලා ඉතුරු අවුරුදු හය මන් හිටියේ අම්මාගේ නන්ගි ලග..ඒ ඉදලා අවුරුදු දොළහේ ඉදන් මන් හිටියේ සුදුඅම්මා ළග...පුංචි කාලේ ඉදන් මන් නැළවුනේ සුදුඅම්මා ළග විතරලු.එයාගේ වචනෙකට පිටින් ගිහින් මට පුරුදු නැහැ..එයාටත් දරුවෝ දෙන්නයි..කෙල්ලොම දෙන්නෙක් හිටියේ..මේ ගෙදර ඉදන් මාව බලාගත්තේ සුදු සීයා අක්කලා දෙන්නව බලාගනිද්දි..අම්මා මාව අතෑරියේ මන් පුංචි කාලෙමයි කියන හැගීම මට දැනෙන්න දෙන්නැතුව මාව හදාගත්තට ඇත්තටම එයාලාට පින් දෙන්න ඕන...
අම්මගේ පැත්තේ අය වෙලාත් එයාලා අම්මවයි අතෑරියේ..අම්මා එක්ක කතා නොකර හිටියේ මන් නිසා...මගේම වයසෙ තවත් ළමෙක් ඉන්න බිස්නස්මන් කෙනෙක්ව තමයි අම්මා දෙවෙනියට බැන්දේ...එවෙලෙ අම්මට හිතුනේ නැද්ද දන්නේ නැහැ තමන්ගේ කුසින් ආපු දරුවාත් ඒ වයසෙමයි කියලා...ඕවා ගැන දැන් කල්පනා කරලා වැඩක් නැහැනේ..සුදුඅම්මා බෙදපු බත් එකත් අරගෙන අපි දෙන්නම සෝෆා එකට වැටුනේ හිරු ටෙලි පෙරහැර බලන්න සුදානම් වෙන ගමන්..
YOU ARE READING
අස්ථාවර-❕
Non-Fictionඅස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්රී ලංකා-02 Nonfiction-48