13.) කොටස 🌸

413 57 20
                                    


ධීවාන් මල්ලි...

ම්න්.. කව්ද...

මන් ඇස් පිහ පිහ කව්ද කියල බලන්න හිමීට ඇස් ඇරියා.. ඊටත් මේ වෙලාවෙ, ලෙඩ්ඩු බලන්න දෙන්නෑනෙ...

හේමාල් අයියෙ...

අදුරගත්තද... ෂ්  ....වැඩිය හයියෙන් කතා කරන්න බෑ මට... ඔයාට කොහොමද දැන්....

මන් ෆෝන් එක අරන් වෙලාව බැලුවා.. දෙයියනේ දොලහටත් කිට්ටුයිනෙ....

ඔ..ඔයා මේ වෙලාවෙ... කොහොමද ආවේ...

මීට කලින් මට එන්න තිබ්බ, අර අදීල් මෙච්චර වෙලා ගේට් එක රැකන් හිටියෙ නැත්තන්....ඒකට කමක් නෑ මන් ආවනේ... ආ... ධීවාන් තාම දන්නැතුව ඇති, මගෙ තාත්ත සූරියබංඩාර ඇමති තුමා කියල...
ඒකට කමක් නෑ, තාත්ත මට මේ වෙලාවෙ එන්න පර්මිශන් අරන් දුන්නා... ඉතින් ඔයාට කොහොමද දැන්...

මන් හිටියෙ හේමාල් අයිය කිව්ව කතාවෙන් ශොක් වෙලා වගේ... ඇත්තටම මට හිතාගන්න බැරි උනා.. ඒ කියන්නේ මේ ඉන්නේ රටේ ඉහල පුටුවක ඉන්න සූරියබංඩාර ඇමති තුමාගෙ එකම පුතාද.... දෙවියනේ හේමාල් අයිය....

හේමාල් අයියේ ඔයා ඇයි මේ රෑ වද උනේ... මන් දැනන් හිටියෙ නෑ ඔයා සූරියබංඩාර ඇමති තුමාගෙ පුතා කියල... අනේ සොරි...

පිස්සු කොල්ලා, ඒකට කමක් නෑ... ඇත්තටම මන් සමාව ගන්න ඕනෙ ඔයාගෙන්... අනේ මට සමාවෙන්න ධීවාන්... මගෙ පපාගෙ වෑන් එකකට ඔයාව හැප්පිලා තියෙන්නේ.... අනේ සමාවෙන්න ධීවාන් මල්ලි... ඒක දැනගත්තාම මාව කරකවලා අතෑරියා වගෙ... අදීල් ඒක දැනගෙන මාත් එක්ක රන්ඩුවට ආවා... ඒකයි මට එන්න බැරි උනේ ඔයාව බලන්නවත්... අනේ සමාවෙන්න ....

ඒ කියන්නේ අදීල් අයියා හේමාල් අයියව හොයන් ගිහින්ද... දෙවියනේ මේ මනුස්සය රන්ඩු කලා කියලත් කිව්වා... ඇයි අදීල් අයියේ ඔයා මෙහෙම කරන්නේ... එතකොට ඔයා මේ රෑ වෙනකන්ම ගේට එක ගාවලු හිටියෙ .... අනේ මට නිකන් පිස්සු වගේ අප්පා....

ඒ කියන්නේ එ වාහනේ ඔයාලගෙ එකක්ද හේමාල් අයියෙ....

ඔව්...

හරි දැන් උන දේ උනානෙ... ඒකට කරන්න දෙයක් නෑ.....මට කියන්න අදීල් අයිය මොකක් හරි ප්‍රශ්නයක් දාගත්තද....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now