" උබට මොනාද තව පුලුවන් හංස.."
" ම්ම් මට පුලුවන් දේවල් ඔයා දන්නවා ඇතිනේ.."
මන් පිස්සු මිනිහෙක් දිහා බලනවා වගේ තිදැස් අයියා දිහා බලාගෙන කිව්වේ මේ යකා මොනාද මේ අහන්නේ බලන්න.. අපි දෙන්නා තාම බැල්කනි එකේ ඉන්නේ. රෑ වෙලා තිබ්බත් තාමත් අම්මලා නැ.. කොහොමත් ගාල්ල බලලා එන්න නෙවෙයිනේ ඒ දෙන්නා යන්න ඇත්තේ.. වැඩ ටික කරන් එද්දි තව ගොඩක් වෙලා යයි එන්න..
" ම්ම්.."
තිදැස් අයියා මොනාත් නොකියා අහස දිහා බලා ගත්තා.. මන් එයාට මොනාත්ම කියන්න නොදි මගේ කාමරේට ඇවිල්ල මගේ ගිටාර් එක අරගෙන ආයි ගියේ බැල්කනි එකට. මන් යද්දිත් හරි සැහැල්ලුවෙන් අහස දිහා බලාගෙන ඉදපු තිදැස් අයියා මන් දිහා බලන්නෙවත් නැතුව මගෙන් ගිටාර් එක ඉල්ල ගත්තා.. මාත් මොනාත්ම නොකියා එයාට ගිටාර් එක දීලා ආයි වාඩි උනා..
මාතර ප්‍රධානම පිරිමි පාසලේ ඉන්න තිදැස් නේත්‍රාන්ග විජේකෝන් ද සොයිසා කියන්නේ හැමදේකින්ම අඩුවක් නැතුව ඉපදුනු පිරිමි පරානයක් කියන එක ඉස්කෝලේ ප්‍රසිද්ද කාරනාවක්.. රූපේ අතින් ගත්තත් හැකියාව අතින් ගත්තත් එයා පරිපූර්නයි.. මේ ලෝකේ පරිපූර්ණ මිනිස්සු නැ කියන්නේ අමූලික බොරුවක්.. එහෙම අය ඉන්නවා.. ඒක අපි හිතන විදිය අනුව වෙනස් වෙන එකයි වෙන්නේ..
ඔයාට පරිපූර්ණ මනුස්සයා තව කෙනෙක්ට වැඩකට නැති කෙනෙක් වෙන්න පුලුවන්.. ඔයාට perfect ආදරය තව කෙනෙක්ට මේ මොකක්ද මේ කියන තරන් සව්ත්තු වෙන්න පුලුවන්.. ඒත් ගොඩක් අය නොහිතන ඇත්ත තමයි අපි එක එක්කෙනා හිතන විදිය සහ බලාපොරොත්තු වෙන විදිය අනුව තමයි මිනිස්සු පරිපූර්ණ වෙන්නේ.. ඉතින් මන් කියන්නේ හැමෝම පරිපූර්නයි මේ ලෝකේ ඉන්න එකම මනුස්සයෙක්ට හරි.. අඩුම තමන්ට හරි තමන් පරිපූර්නයි.. ඒ තැනට මයින්ඩ් සෙට් එක හදා ගන්න අපි හැමෝටම පුලුවන් වෙන්න ඕනේ..
" ම්ම්... සඳවත අහසින් වැටිලා... උන්නද මන්දා මිදුලේ්..
නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ.."