10 කොටස

32 5 0
                                    

" ඇයි ආවේ.."

" මට එන්න හොද නැද්ද ??.."

" හොදනම්.. ඇයි ආවේ අහන්නේ නැනේ.."

ම⁣ට දැන් පේනවා තිදැස් අයියා මන් දිහා මේ මොකත මේ වගේ ලුක් එකකින් බලන් ඉන්නවා.  කරන්න දෙයක් නැ අයියේ.. මට දුරින් ඉදන් ආදරේ කරන එක ලේසි ලන් වෙලා දුක් විදිනවට වඩා.. මන් මොනා හිතුවත් මූනේ තියාගෙන ඉදපු දරුනු බැල්ම ඒ විදියටම තියා ගන්න තරන් දක්ෂ උනා..

" හරි හංස.. දැන් එහාට වෙන්න. මට අම්මා කිව්වේ යන්න කියලා.."

කවදාවත් නැති නිව්නු කටහඩක්.. මේ වගේ වෙලාවට තිදැස් අයියා කියන්නේ තරහා ගිය කෙනෙක්.. ඔක්කොම දමලා ගහලා යනවා. ඉතින් මගේ සැකේ හරි. මෙයාට උවමනාවකට නෙවෙයි ආන්ටිගේ උවමනාවට තමයි ඇවිල්ලා තියෙන්නේ.. මට කට කො⁣නින් හිනා ගියා.. මන් දන්නවා පැහැදිලිවම ඒ හිනාව තිදැස් අයියත් දැක්කා..

" ආන්ටිට මන් කියන්නම්.  ඔයා දැන් යන්න.."

" තමුසෙගෙ ඔලුව වැදුනද හංස.. මේ මන් ඉන්නේ. උබව කන්නේ නැ. එහාට පලයන් මට ඇතුලට යන්න.."

තිදැස් අයියා මාවත් දොර ලගින් එහාට කරගෙන ඇතුලට යන්න හැදුවම මන් එයාගේ අතින් ඇදලා ආයි එලියට දැම්මා.. මාත් පිරිමියෙක්.. උට කොච්චර හයියක් තියෙද මටත් ඒ වගේම හයියක් තියෙයි..

" මන් කිව්වනේ එක පාරක්.. පලයන් මෙතනින්. මාත් පිරිමියෙක්.. ⁣බබෙක් නෙවෙයිනේ.. අනික මට අනුකම්පාවෙන් ඇති වැඩක් නැ.."

මන් එහෙම්ම දොර වැහුවා.. ඔව් තිදැස් අයියගේ මූනටම දොර දඩස් ගාලා වහලා දැම්මා.. එයා පුදුම වෙන්නැති. හිතා ගන්නත් බැරි වෙන්නැති ඒත් කරන්න දෙයක් නැ.. හැමදේම අන්තිමේ මන් මටම කියා ගත්තේ එච්චරයි.. මට වෙන කරන්න දෙයක් නැ.. ටික වෙලාවකින් මට ඇහුනා බයික් එක ස්ටාර්ට් වෙනවත් ඒක ගේට්ටුවෙන් එලියට යනවත්.. ම්ම් එයාට තවත් මෙතන ඉන්න හේතුවකුත් නැ.. මට එයා මෙතන ඉන්න උවමනාවකුත් නැ..

ටිකක් රෑ වෙලා තිබ්බ නිසයි දැන් කඩේට යන්න බැරි නිසයි.. මන් කුස්සියට ගියේ මොනා හරි කන්න හදා ගන්න.. අම්මා කිව්වේ එයාගේ පරන යාළුවෝ ටිකක් සෙට් වෙලා function එක තියෙනවා කියලා.. ඉතින් එනවා කියන්නේ බොරු තමයි..

වෙස් ( Ongoing )Where stories live. Discover now