17 කොටස

64 6 5
                                    

" මේ.. උබට බැරිද බන් තව ටික දවසක් මෙහේ ඉන්න.."

" මන් ඉන්නවනේ බන් තව සති තුනක්ම.."

" ඒත් ඊට පස්සේ මන් ආයි තනියෙන්නේ බන්.. මට ඒක මතක් වෙද්දි අව්ල්.."

" අව්ල් ගන්න එපා බොසා. මන් කියන්නේ උබ වරෙන් එහේ.."

" උබට මාව විහිලුවක්.. ඒකයි ඔය..."

අනේ පව් කොල්ලා.. මටත් නාහෙන් පිබලා පොර යන්න ගියා රූම් එකට.. මන් දන්නවා මන් ගියාම උ ආයි තනි වෙනවා කියලා.. කොහෙද මේ මාස තුන හිතුවටත් වඩා ඉක්මනට ගෙවිලා ගියානේ.. තිදැස් අයියව මතක් උනු නිසාම මන් ගියේ එයාගේ Ig එකට.. කාලෙකින් story දාලා තියෙනවා දැක්කම මන් හිතන්නත් කලින් මගේ මූනට හිනාවක් ආවා..

ගිටාර් එකත් අතේ තියාගෙන ඉන්න පොටෝ එකක් එක්ක ඊලට තිබ්බේ වීඩියෝ එකක්.. එයා සින්දුවක් කියන්න යන්නේ.. අනේ ම⁣ට ඒ වොයිස් එක කොච්චර මිස් උනාද දෙයියනේ.. ඒ නිසාම මන් ඉක්මනට ඒක ⁣play වෙන්න දැම්මා.

" ලග ඉදන් ආදරෙන් මිමිනූ.. පැරනි පෙම් බස් සිහි කිරීමය..
පන පිටින් මුලු සිරුර දන්දී.. එකම හිතකට ලොබ බැදීමය..
නෙලා ගැනුමට නොහැකී වූවද.. අත් හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිද කතා නොකරම.. සුසුම් පපුවක සිර කිරීමය.."

මගේ පපුවේ පැත්තක් හිරි වැටීගෙන ගිහින් මුලු ඇගම ගැස්සිලා යන හැගීමක් දැනෙද්දි මන් ඇස් දෙක පියාගෙන හොද හුස්මක් අරන් රිලැක්ස් උනා.. දෙයියනේ ඉදලා ඉදලා හෙන ගහන්න වගේ මේ මනුස්සයා කරන වැඩ නිසා මට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා මැරෙන්නේ දවසක.. ඒ වොයිස් එක මාව පිස්සෙක් කරා අම්මේ !! ෆුල් ඉමෝෂනල් වෙලා ඉන්න වෙලාවක ඇඩුම් ස්වරයක් එක්ක මුහු වෙච්ච තිදැස් අයියගේ ගැබුරු කටහඩ.. ඒක පිස්සුවක්..

නිකන්ම බලලා පැත්තකට වෙන්න බැරි නිසා, මන් කාලෙකට පස්සේ එයාත් එක්ක කනෙක්ෂන් එකක් තියා ගත්තනම් තියා ගත්තේ දැන් එයාගේ ස්ටෝරි එකට මන් දාපු හාට් එක විතරයි.. ඔය වගේ එකකට හාට් එකක් දාන එක ඉතින් අමුතු දෙයක් නෙවෙයිනේ.. ඕනේ කෙනෙක් දාන්නේ හාට් එකනේ...

වෙස් ( Ongoing )Where stories live. Discover now