Chapter 02

956 179 18
                                    

_________________________________________

Doesn't matter if the glass is half-empty or half-full.
All that matters is that you are the one pouring the water.

_Mark Cuban_
_________________________________________

" මිස් චෝයි යූනා..මිස්ටර් පාක් සන්හූන්ව කිස් කරපු ඔය තොල් මේ ජන්ග් හෝසොක්ගේ ළගටවත් ගේන්න කරන්න හිතන්න එපා.."

එහෙම කියපු හෝසොක් එයාගේ උකුල උඩ වාඩි වෙලා හිටපු යූනාව එයාගේ උකුලින් තල්ලු කලේ කේන්තියෙන් මුලු ඇගම ගිනි ගන්නවා වගේ වෙද්දී.

ගොඩක් වෙලාවට හෝසොක් කේන්ති ගිහින් ඉන්න වෙලාවට එයා කොයි විදියකින් හරි ඒ කේන්තිය පිට කරගත්තා.සාමාන්‍ය වෙලාවට හෝසොක් කලේ එයාගේ කේන්තිය නිවෙනකම් එයාගේ යටතේ ඉන්න හිරකාරයින්ට වද දීපු එක..හෝසොක්ගේ එහෙමත් නැත්නම් ජේහෝප්ගේ ඉලක්ක වුනු ගොඩක් අයට සිද්ද වුනේ එක්කෝ එකපාරින්ම අන්තිම දරුණු විදිහට මැරෙන්න,එහෙමත් නැත්නම් අදුරු හිරකුටි අස්සට වෙලා මැරි මැරි දුක් විදින්න..කේන්තියෙන් ඉන්න හෝසොක්ගේ කේන්තිය පිට කරන දේවල් වුනේ ඒ දෙවනියට කියපු හිරකාරයෝ...ඇගිල්ලක් දෙකක් කැඩෙන එකේ ඉදන් ඇහි පිල්ලම් ගහන්නවත් පන නැති තරමට දරුණු පාරවල් එයාලාට ලැබුනේ හෝසොක්ගේ තරහවේ තරම අනුව..

ඒත් සම්බදෙකිනුයි වෘතියෙනුයි දෙකෙනම වංචාවට ලක් වෙලා දරාගන්න බැරි තරම් තරහින් හිටපු හෝසොක්ට ඒ මොහොතේ කේන්තිය පිට කරගන්න ලගක හිටියේ එයාට බොරු කරපු යූනා විතරයි..

මොකක්ද වෙන්නේ කියලවත් හිතාගන්න බැරි වුනු යූනා හෝසොක්ගේ ඉස්සරහ දෙපා මුල බිම වැටෙද්දි ලග තිබුනු කොෆී ටේබල් එකේ වැදුනු කෙල්ලගේ නලල තුවාල වෙලා සියුම් ලේ දාරාවක් ගලාගෙන එන්න පටන් ගත්තා.

හෝසොක් කියපු වචන ටික ආයෙ පාරක් මතක් කරපු යූනා බිම වැටිලා උන්නු විදියටම හෝසොක් දිහා බැලුවේ බයෙන් ඒ ඇස් ලොකු වෙද්දි..

" හ්..හෝසෝකා...???"

වැදුනු පාරට රිදුම් දෙන නලල අල්ලගෙන බිම වාඩි වුනු යූනා හෝසොක්ට කතා කරද්දි කොල්ලා එයා දිහා බැලුවේ පිච්චිලා යන බැල්මකින්.ඒ ඇස්වල තිබුනේ වෛරය විතරයි.සම්පූර්ණයෙන්ම අසීමාන්තික වෛරයක්...

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now