________________________________________
When we lose someone we love
we must learn
not to live without them,
but to live
with the love they left behind.________________________________________
සමහර හැගීම් තියනවා ඒවා මොනවද කියලා අපිට වෙන් කරලා අදුනගන්න හරි අමාරුයි.ඒ එක්කෝ ඒවා අපි මීට කලින් නොවිදපු අලුත්ම හැගීම් නිසා වෙන්න පුලුවන්.
එහෙමත් නැත්නම් ඒ හැගීම් මොනවද කියලා තේරුම් ගන්න අපි උත්සාහ කරන්නේ නැති නිසා වෙන්නත් පුලුවන්.
ඒත් ඒ හැගීම අපිට අදුරගන්න බැරි මේ හේතු දෙකම නිසා වුනොත්...?ඒ කියන්නේ අපිට මොකක්ද කියලා අදුරගන්න බැරි ඒ හැගීම අපි මීට කලින් නොවිදපු හැගීමක් වගේම මොකක්ද කියලා තේරුම් ගන්න අපි කිසිම උත්සාහයක් නොගන්න හැගීමක් උනොත්......
එහෙම වුනොත් අනිවාරෙන්ම අපිව ලෙහාගන්න බැරි තරමටම පැටලෙනවා.
ජන්ග් හෝසොක්ට වෙලා තියෙන්නෙත් ඒක.එයා හිටියේ හොදටම පැටලිලා.මින් යුන්ගි ගැන ඇසිල්ලක් ගහන සැනින් ඇති වුනු අමුතුම හැගීම් හෝසොක් කවදාවත් අත්දැකලා තිබුනු ඒවා නෙමෙයි.ඒ හැගීම් කුලුදුලේම හෝසොක්ගේ සීතල හදවතේ විකසිත වෙන්න පටන් ගත්තේ යුන්ගි වෙනුවෙන්මයි.ඉතින් ඒ මොනවද කියලා වෙන් කරලා අදුනගන්න හෝසොක් දැනගෙන හිටියේ නෑ.
ඒ වගේම හෝසොක් ඒ හැගීම් තේරුම් ගන්න උත්සාහ කලෙත් නෑ.හෝසොක්ට ඒවා තේරුම් ගන්න පොඩ්ඩක්වත් ඕනි වුනේ නෑ.මොකද එයා දන්නවා ඒ හැගීම් මොනවද කියලා හරියටම දැනගත්තට පස්සේ ආයෙත් එයාට හැරෙන්න බෑ කියලා.
මිනිස්සු හැගීම් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තම හැමවෙලේම නතර වෙන්නේ කදුලු එක්ක.හෝසොක් ඒක තදින්ම විශ්වාස කලා.මොකද හෝසොක් ඒක දැකලා තියනවා..තමන්ගෙම තාත්තා හැගීම්වලට ඉඩ දීලා මුලු ජීවිතේම දුක් විදපු හැටි හෝසොක් දැකලා තියනවා.
හෝසොක්ට හැම තප්පරයකම මතක් වුනෙ යුන්ගිව.යුන්ගිගේ ඇස්,යුන්ගිගේ බැල්ම..යුන්ගිව දැකපු පලවෙනි වතාවෙම හිත අස්සටම කාවැදුනු ඒ අහින්සක මූණ.එයාට හැම වෙලේම ඕනි වුනේ යුන්ගිගේ ලගින් ඉන්න.ගන්න හුස්මක් පවා යුන්ගිගේ ලගින් ඉදන් ගන්නයි හෝසොක්ට ඕනි වුනේ..යුන්ගිගේ හිනාවට හේතුව වෙන්න හෝසොක්ට ඕනි වුනා..හෝසොක්ට ඕනි වුනු හැමදේකම කොහේ හරි කොනක යුන්ගි අනිවාරෙන් හිටියා..
YOU ARE READING
● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔
Fanfiction(Under Editing, Will publish 02 - 03 chapters per a day.) ඔහු සීතල හදවතක් ඇති දරුණු මාෆියා නායකයෙක්. " මේ මොහොතේ ඉදන්..ගත වෙන හැම තප්පරයක්ම..ඔයාට ගෙවන්න වෙන්නේ වේදනාවෙන්..ඔය පපුව රිදෙන හැම වෙලාවකම ඔයාට මතක් වෙයි ඔය වේදනාව ඔයාට දීපු කෙනාව...මේ මාව...