ආසි 3 ♠️

852 137 123
                                    

"දෙකට තුනයි....ආසියට පහයි....."

"ඉවරයිනෙ.....බූරුවා කැපුණා....ගේම ඉවරයි.....අරූ දින්නා.....

යමන්.....ශේර්.....ශේර්....."

"ආහ්....අය්යේ....ඔව් කියන්න...."
මම එකපාරට ගැස්සිලා ඇහැරුණේ ආසියා අයියා මාව හොලවලා නැගිට්ටවපු නිසා....

"මදැයි මන් මැච් බලන්න එකෙක් එක්කන් ආවා...යමන්.... අපේ එකා පරාදයි....."

ආසියා කියද්දි මාත් නිදිමතේ නැගිටලා එයාගෙ පස්සෙන් ගියා.....

මැච් කිව්වට ක්‍රිකට් මැච් නෙවේ මෙයාලා ගහන්නෙ.....ඔට්ටුවට සූදු අල්ලනවා ....එදාට දාන ඔට්ටුව අනුව දිනන කෙනාට වාසියි.....ආසියා කිසිම කතාවක් නැතුව මාව කොනේම තිබුණු බංකුවක් ගාවට එක්කන් ගියා.....එතන  කළුවර නිසාම එලියෙන් බලන කෙනෙකුට අපි එතන ඉන්නවද කියලවත් පේන්නෙ නෑ......

එයා බංකුව ගාවට ගිහිං වාඩි වුණු නිසා මාත් එහෙමම වාඩි වුණා.....

"ශේර්....."

"ම්ම්...."

මම නිදි මත නිසාම ලාවට වගේ උත්තර දුන්නෙ එයත් එහෙමම කතාව නවත්තයි කියලා හිතලා .....ඒත් එහෙම නෑ....

"උබ ඇයි බන් මෙහෙ ආවෙ...."

"මට හිතුණා....සල්ලි , වාහන , ගෙවල් දොරවල් තිබුණට පොඩි කාලෙ ඉදන්ම මට නොලැබුණු දේ ආදරේ.....තනිකම එක්ක හැදෙද්දි මිනිස්සු වෙනස් වෙනවා අයියෙ....ඒක නිසාම වෙන්නැති මාත් මෙහෙම වෙන්න ඇත්තෙ....."

"උබ දන්නෑ මල්ලි මේ වගේ අපායකට වැටුණාම ගොඩ එන්න ලේසි නෑ...උබ තාම දන්නෙ නෑ....දැනගත්තා නන් උබ මාත් එක්ක මෙහෙම එකට ඉදන් කතා කරන්නෙවත් නැති වෙයි.... සමාජ රෝගියෙක් වගේ උබත් මාව අප්පිරිය කරයි....."

මම ආසියාගෙ මූණ දිහා බැලුවා....ඒත් කළුවර නිසාම ඒ මූණෙ හැගීම් කියවන්න මට ලේසි වුණේ නෑ....ඒ නැතත් එයා ලොකු කතාවක් හංගගෙන කතා කරනවා කියලා නන් මට තේරුණා.....

"උබ මෙතන්ට ආවෙ ඇයි කියලා මතක තියාගනින්.....අහපන් ඇයි කියලා ඒ...."

මගේ හිත මටම මතක් කරලා දෙද්දිත් මට ඕන වුණේ නෑ ආසියා අයියගෙන් ඒ ගැන අහන්න.....එයාම මාව විශ්වාස කරලා ඒ ගැන කියනකන් මම අහන්නෑ කියලා මම මටම පොරොන්දු වුණා....

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now