ආසි 15 ♠️

546 104 42
                                    

"ආස්යා...."

මම කෑගහගෙන නැගිට්ටා....ඒත් බලද්දි ආස්යාවත් ආසිවත් හද එලියවත් අමුතු හුලගවත් කිසිම දෙයක් කාමරේ ඇතුලෙ තිබුණෙ නෑ .

"ඒක හීනයක්ද..."

මට ඉබේම කියවුණේ තාමත් ඉහින් කනින් බේරෙන දාඩිය අත්ලෙන් පිහදාන ගමන්...

ඇගේ වටේ දාඩියත් එක්ක එතිලා තිබිච්ච රෙද්ද අයින් කරලා මම ඇදෙන් නැගිටලා නාන කාමරේට ගිහිං ඒකෙ දොර වහගත්තා....ඇදගෙන ඉදපු ඇදුන් පිටින්ම එහෙමම ෂවර් එක ඇරියෙ සීතල වතුර මගේ මුළු සර්වාංගෙම තෙමාගෙන යද්දි.. පැය භාගයක් විතර ෂවර් එක යටට වෙලා ඉදිද්දි මගේ හිතේ තිබ්බ කහට , දුක , බය ඔක්කොම වගේ වතුරත් එක්කම හේදිලා ගියා....

"ම්ම්...."

කොට කලිසමයි බැනියමයි වතුරෙන් තෙත් වෙච්ච නිසා කණ්ණාඩියෙන් ඕනාවටත් වඩා කැපිලා පේන මගේ අවයවය දිහා මං විනාඩි ගාණක් බලන් ඉදියා...වෙන වෙලාවක වුණා නන් ඒක මට උත්තේජනයක් වෙන්න තිබුණට මේ වෙලාවෙ හැටියට මට ඒක නිකන්ම කලකිරීමක් විතරක්ම වුණා. ඇදගෙන ඉදපු තෙත ඇදුන් ගලවලා දාලා නාන කාමරේ තිබුණ තුවායකුත පටලවගෙන මම එලියට ආවා....

තාම උදේ වෙලා නොතිබුණත් නින්දක් අහලකටවත් නාපු නිසා මම කුස්සියට ගිහිං කෝපි එකක් හදාගෙන එහෙමම දොර ඇරන් ඉස්තෝප්පුවට ආවා....

"සැනසීමෙන් නිදාගන්නත් නෑ හීනෙන් හැමිනෙන්න එනවා දැන් මෙතන ආවාම මුන් වැලලෙන්න හදනවා....."

මං මටම බැන ගත්තෙ කෝපි එක බොන ගමන් එෆ් බී ලොග් වෙලා දාලා තියන පෝස්ට් වගයක් දැකලා....

" සතියකට කලින් රිලේෂන්ශිප් දාන් අද හෙට බදී වගේ රගපු උන් දැන් මෙතන අදෝනා ගහනවා අනේ මගේ අය්යාව මට ගෙනත් දිපියව් කියලා....

බූට් කෑවානන් කාපු විදියට ඉන්නැතුව හැමිනෙන්න එනවා මෙතන....."

මං තරහට මටම ටොකු ඇන ගන්න ගමන් ලියල තිබිච්ච හෑලි ඔහේ ස්කිප් කරගෙන ගියා....

"මේ අනිත් ජීවියො කොට්ටාසෙ නෝ සෙක්ස් නෝ ලව් කියලා බැනර් ගහන් බයෝ දාන් හැයි හූයි ගාන් ඉන්න උන් තමා ඔක්කොටම එහා....පත්තිනි ටෝක්ස් දිදී සක්කිලි වැඩ කරන සිපයියො රැලක්....

මල විකාර...."

මං ආයෙ ෆෝන් එක පැත්තකට දැම්මෙ ඕක තවත් ඔබ ඔබ ඉදියොත් මට තවත් යකා නගිනවා කියලා දන්න නිසා...නිදාගන්න තිබ්බ එකත් නැති වෙච්ච නිසා මාත් ඉදියෙ හොද ගාණට ටිපර් වෙලා...ටික වෙලාවක් එහෙම ඉද්දි මට පුටුව උඩ එහෙමම නින්ද ගියා....

...

"සුදු පුතා...සුදු පුතා... නැගිටින්න අද වැඩට යන්නෙ නැද්ද..."

"ස්ස්ස් අත්තම්මෙ ඇයි කෑ ගහන්නෙ...නෑ නෑ අද යන්නෑ...වද නොදී යන්නකො අප්පා.."

"වද නොදී නෙවෙ ඇදට ගිහිං නිදාගන්නවා මෙතන නිදි කිරන්නෙ නැතුව...."

මං ඩිම් වෙලා වගේ බලන් ඉදියෙ ආච්චි ගස්සගෙන යන දිහා...හුටා ඔව් නෙ මාත් ඉන්නෙ ඇදේ නෙවෙනෙ එලියෙනෙ....මං එහෙම්ම නිදි ගැට කඩලා නිදි මත යවලා ෆෝන් එකත් අරං කුස්සිය පැත්තට ගියා...මං යද්දි ආච්චි පිලිකන්නෙ වලං වගයක් හෝදනවා...මං එහෙම්ම ඇගිල්ලෙන් දත් මැදන් කට හෝදලා දාලා කාමරේට ඇවිත් කලිමසට ෂර්ට් එකක් දාගෙන කණ්ණාඩිය වටෙත් එකපාරක් දෙපාරක් කැරකිලා එලියට බැස්සා...

"අත්තම්මේ මං යනෝ...මුතූෂ ආවොත් කියන්න මං අද වැඩ නෑහ් කියලා...නෑ නෑ එක්කො මං ම කියන්නන්..."

එහෙම කියාගෙනම මම එලියට බැස්සා...ආසි  අද ඒ පැත්තෙ එන්නත් එපා කියපු නිසා මං මගක් දුර ඇවිත් කල්පනා කරේ කොහෙද යන්නෙ කියලා. හැමදාම යන ගෝල්ෆේස් එකට යන්න අද මට හිතක් තිබ්බෙ නෑහ්.....

"ම්ම්ම්...අපි යන් එහෙනන් අරහෙ..."

මං මටම කියාගන්න ගමන් පාරෙ යන ටැක්සියකට අත දැම්මා....

"අය්යෙ මීටර්ද..."

"ආහ් ඔව් ඔව් මල්ලි නගින්න...."

අය්යා කින්ඩියට වගේ හිනාවෙලා කියද්දි මාත් එහෙමම නැග්ගා...

"කොහෙටද මල්ලි යන්න ඕන...."

"ගංගාරාමෙට අය්යෙ...."

මම ඒක කියලා එහෙමම ෆෝන් එක ඔබ ඔබ ඉදියෙ කම්මැලි නිසා....

"හරි මල්ලි බහින්න....ට්‍රෑෆික් නිසා ටිකක් පරක්කු වුණා..."

අය්යා පන්සල ගාවින් නවත්තලා කියද්දි මමත් හිනාවෙලා ගාන දීලා එයාව යැව්වා...පන්සල ගාව තියන මල් කඩෙන් මලුත් අරගෙනම මම පන්සල ඇතුලට ගියා....

පෝය දවසක් නොවිච්ච උදේ වරුවක් නිස පන්සලෙත් ලොකුවට සෙනග ඉදියෙ නෑ...මුළු පන්සලටම ඉදියෙ කීප දෙනයි...මමත් ගෙනාපු මල් ටිකට එහෙමම පැන් ඉහලා පූජ කරලා ටික වෙලාවක් ඉදලා ගිහිං බෝ මළුවෙ වාඩි වුණා....




( කම්මැලි නැද්ද මේක කියවන්න ඔයාලට...

නිදිමරන අයට මං ගානෙ🥱😚😚...)

_Zrash_

තුරුම්පු ආසි♣️||[Completed]Opowieści tętniące życiem. Odkryj je teraz