Chapter 3

87 14 9
                                    

දැනගන්න ඕනද හීනේ මොකක්ද කියලා... හැබැයි ඔයාලට ටිකක් ඉවසන්න වෙනවා 👀😚😚

🍁සොක්ජින්
මං කල්පනාවෙන් මිදුණේ අන්කල් ජියෝන් කතා කරපු නිසා

🐷අහ් අන්කල් ජියෝන්

🍁ඔයාලට අද ඉඳලා මෙහෙ ඉන්න පුළුවන්...

🐱අන්කල් අපි ආවේ මේ වෙන දේවල් ගැන කතා කරන්න නෙවෙයිද
යුන්ගි ඇහුවේ ඉවසලා ඉවසලා බැරිම තැන

🍁හ්ම්ම්ම් විවේක අරගෙන තව පැයකින් එන්න.. අපි කතා කරමු ඊට පස්සේ

🐱හ්ම්ම් හරි අන්කල්

🍁සොක්ජින් ඔයා එන්න මාත් එක්ක

අනික් තුන්දෙනාට යන්න කියලා අන්කල් මින් මට කතා කරේ මං ඇයි කියලා සේප් එකේ අහද්දී...

🍁හැමදේම දැනගන්න කාලේ හරි...

🐷අන්කල් හරියටම කියන්න එයාද මගේ සහකාරයා... ඒත්

🍁මොකක්ද ප්‍රශ්නේ ජින්

🐷එයා මේ ගැන මුකුත් දන්නේ නැද්ද.. මං කිව්වේ අපි මෙහෙ අය වගේම ඇයි අනාගතේට ගියේ කියලා...

🍁එයා හැමදේම දන්නවා ජින්

🐷ඒත් එහෙනම් ඇයි එයා ම්.. න්..නෑ මුකුත් නෑ
මං අහන්න ගියේ ඇයි එයා මෙච්චර නපුරු කියලා වුණත් මගේ ලොකුකම ඒක අහන්න ඉඩ දුන්නේ නෑ

🍁හ්ම්ම්ම් එහෙනම් අහගන්න ජින් හොඳට මේ හැමදේම පටන් ගත්තේ අවුරුදු 22කට කලින්... හරියටම එයා ඉපදෙන්න කලින් තමා මේ හැමදේම පටන් ගත්තේ...

🍁ඒ වෙද්දී ඔයා ඉපදිලා අවුරුදු හතරක් ගත වෙලා ගියත් අපි හැමෝටම දැනුණා ඔයා විශේෂයි කියලා.. ඒත් ඒ විශේෂත්වය මොකක්ද කියලා අපි කාටවත් හොයාගන්න බැරි වුණා.. මහා මායාකරු වුණත් කිව්වේ වෙලාව එනකල් බලාගෙන ඉන්න කියලා විතරයි... ඒත් අපිට තවත් ඒ ගැන කල්පනා කරන්නවත් හොයන්නවත් බැරි වුණේ වාමාංශික පක්ෂය හිටපු අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගහන්න පටන් ගත්ත නිසා... ඒ වෙද්දී අධිරාජිණියට කිරුළ හිමි කුමරු ලැබෙන්න හිටියත් වාමාංශික පක්ෂය උත්සහ කරේ උපබිසවකගේ පුත් කුමරෙකු කිරුළට උරුමකම් කියනවා දකින්නයි.. ඒ නිසාමයි ඔවුන් කීප වතාවක්ම අධිරාජිණියගේ කුසේ සිටි කුමරුව මරන්න පවා උත්සහ කරේ... නමුත් බාධක හමුවෙම අධිරාජිණිය කිරුළ හිමි කුමරු බිහි කරා... දින කීපයක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගත වුණා ඒ නිසාම හැමෝටම එක මොහොතකට වාමාංශික පක්ෂය ගැන තිබුණු අවධානය අඩු වුණා... ඉතින් කවුරුත් බලාපොරොත්තු නොවුණ විදියට වාමාංශික පක්ෂය මාළිගාවට පහර දුන්නා.. කුමරුට පහර දුන්නා... ඒත් එතනදි කවුරුත් බලාපොරොත්තු නොවුණ දෙයක් වුණා...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 19, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

My Destiny || Namjin || || On Hold ||Where stories live. Discover now