12.)කොටස 🌸

433 60 12
                                    

Adil pov :

ඒ ... ඒ අදීල් අතෑරපන් කොල්ලව....

අ...අනේ අදීල්....අ..අයියේ....ම..මන් කියන්නම්... මේ කොලර් එක අතාරින්න , මිනිස්සුත් බලනවා....

මට උන් හිටි තැන් අමතක වෙද්දි හිතේ තිබ්බ දුක, වේදනාව, තරහ එක්ක මන් යසිරුගෙ කොලර් එකෙන් අල්ල බිත්තියට තද කල... මොකද මට ඇහුන විදියට අවසානෙදි මගෙ පොඩි එකා එක්ක හිටියේ මේකා.....මන් යසිරුව අතාරිද්දි , ඔලීනුයි, රුසිරුයි අපි ලගට ආවා...

මේ අහන්න අදීල් අයියේ, එවේලේ ඔයාගෙ කෝල් එකෙන් පස්සෙ , මන් කිව්වා ධීවාන්ට ඔයාගෙන් සමාව ගන්න කියල... ධීවාන් ඔයාට බැනල වගේ ෆෝන් එක තියද්දි මන් බොරුවට එයාගෙ පස්සෙන් පැන්නුවා , පිස්සුද අහන ගමන්... ඇත්තටම අපි දෙන්නා සෙල්ලමට වගේ එහෙම කලෙ... ම... මන්... මේ  ...මොකුත් හිතල..... නෙමේ කලෙ....
අනෙ.... ඊට පස්සේ එයා ... පාරට දිව්වා.... මාත් .........මාත් පස්සෙන් පැන්නුවා.... ඒ.....පාරෙ වැඩිය වාහන යන්නැති බව දන්න හින්දම ......... අනේ ධීවාන් පිටිපස්ස බල බල දුවද්දි හිතුවෙවත් නැති වෙලාවක.........අනේ............ අපෙ කොල්ලා......හැ....හැප්පුන........හැප්පුනේ වෑන් එකක.........අනේ අදීල් අයියේ ධීවාන් හැප්පිලා වි....විසි...ක් වෙලා ගියා......මන් කෑ ගහන්, ගියත් පරක්කු වැඩි..... එ..ඒයාට සිහිය තිබ්බේ...නෑ....අනේ මගෙ කොල්ලා........අනේ එයාට හොද වෙයි නේද......කියපල්ලා අපේ ධීවාන්ට හොද වෙයි නේද..... අනේ.... ඇ...ඇයි දෙයියනේ මෙහෙම වෙන්නේ........

යසිරු අඩන්න ගත්තා, ඌත් කෑ ගගහ අඩන්න ගත්තා... ඌ වැරදිත් නෑ....ඒත්..

කියපන් ඊට පස්සේ අර වාහනේ ... ඒකට කෝ.... ඒකෙ මනුස්සයා කෝ.....ඇත්ත කියපන් යසිරු, උබ දැක්කෙ නැද්ද ඈත තියා වාහනයක් එනවා, කියපන්... දැක්කෙ නැද්ද.....කියපන් ඉතින්....

අදීල්.........!!! අයියා අයියා කියල උබට කතා කරපු පලියට හිතන්න එපා මන් කොන්ද නමන් ඉදී කියල... යකෝ ඒ මගෙ හොදම යාලුවා, යාලුවටත් වැඩිය මගෙ සහෝදරයා ඒක.... උබල හිතන්නේ මන් මගෙ එකාව හිතල හැප්පෙන්න ඇරිය කියලද, ඈ යකෝ.... දැක්ක නම් මන් ඒකව බේරගන්නැද්ද, එතන තියෙන්නේ වැංගුව... වංගුවේදි වාහනයක් එනවා පේනවද.... නෑනේ, ඒත් අඩුම ඒ වාහනේ හෝන් එකක්වත් ගැහුව නම්........... අපි දෙන්නම අයින් වෙනවා නේද..... ඊට හපන් අපි දිව්වට දිව්වෙ පාරමැදත් නෙමේ, අයිනෙන්මයි දිව්වෙ.... ඒත් ඒ වෑන් එක එකපාරම ඇගට කපද්දි කොහොමද ඉක්මන් වෙන්නේ.......


චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now