39.) කොටස 🌸

449 53 7
                                    

පුතා කව්ද ආවේ.... ආ...ම්..මේ.... අදීල් පුතා..... එතකොට ..ම්...මේ...... අර

ඔව් තාත්තෙ මේ අර හොස්පිට්ල් හිටපු මල්ලි... ධීවාන්...

සූරියබංඩාර ඇමති තුමා ඇතුලෙ ඉදන් සාලෙට ආවෙ කව්ද ආවෙ කියල අහගෙන වෙද්දි අදීල් අයියවයි, මාවයි දැකල එයා පුදුම උනා... ඒ වගේම මගෙ දිහා ගොඩක් වෙලා බලන් හිටියා....


තාත්තේ...

.......

තාත්තේ...

ආ...ම්..මේ මොකක්ද පුතා කිව්වෙ...

මොන සිහියෙන්ද ඉන්නෙ තාත්තේ.. මන් කිව්වෙ මේ ධීවාන් මල්ලි කියල...

ආ.. මේ...ධීවාන් පුතේ... ඔයාගෙ සම්පූර්ණ නම මොකක්ද.....

මන් චිරායු ධීවාන් අතපත්තු...

ම්..මොකක්....

මන් දිහාම බලන් හිටපු ඇමති තුමාට හේමාල් අයිය කතා කරත් ඇහුන්නෑ.. පස්සෙ තමා පියවි සිහියට ඇවිත් වගේ මගෙන් සම්පුර්ණ නම ඇහුවේ..ඒත් ඒක ඇහුවට පස්සේ හිටියටත් වඩා එයා කලබල උනා වගේ පෙනුනා...

ඇයි අන්කල් මොකක් හරි ප්‍රශ්නයක්ද....

න්..නෑ... නෑ පුතා... මට ධීවාන්ව දකිද්දි කෙනෙක්ව මතක් උනා... ඒකයි මේ..

අදීල් අයියටත් ඒක තේරිලා අහද්දි , ඇමති තුමාට කෙනෙක්ව මතක් උනාලු මාව දකිද්දි.. ඒ කාවද....ඒ....

ඒ කව්ද අන්කල් ඒ....

ධීවාන් පුතා මන් ඔයාගෙන් තව එක ප්‍රශ්නයක් අහන්නම්... කමක් නැද්ද...

ආ...කමක් නෑ අන්කල් අහන්න....

ඔයාගෙ අම්මගෙ නම මොකක්ද පුතා...

හේමාලි අසලියා ....

හ්..හේ..හේමාලි..

ඇයි අන්කල් මොකද... ඇයි ඔයා ඔච්චරටම කලබල වෙලා.... අන්කල් මොනා හරි දන්නවද....

ඇමති තුමා අම්මගෙ නම අහපු ගමන් මන් ලගට ආවා.. මාත් ඉදන්  හිටපු තැනින් නැගිට්ටා... එයා මගෙ උරහිස් උඩින් අත් තියල ආපහු අම්මගෙ නම මිමිනුවා...

හේමාලි.... ඔයාට හොදටම විශ්වාසද  දරුවෝ...... අනේ එ..එයාගෙ වාසගම.... ව්....වාසගම මොකක්ද...

චෙරි මල් 🌸 ( Complete ✔ )Tahanan ng mga kuwento. Tumuklas ngayon