Chapter 09

264 55 12
                                    

ඉයුන්වූව ගෙදර යැව්ව ජන්ග්කුක් ටේහ්‍යුන්, හොබි එක්කම හොස්පිටල් එකට ආවේ හිතට එකගව එයාට ගෙදර යන්න හිතුනේ නැති නිසායි..කොහොම හරි ජන්ග්කුක්ගෙයි හොබීගෙයි වදේ නිසාම ටේහ්‍යුන්ව දෙන්නා එක්කගෙන ආවෙත් ප්‍රයිවට් හොස්පිටල් එකකට..

" ටිකක් සැරට වැදිලා වගේ..."

ඩොක්ටර් කකුල චෙක් කරන ගමන් කියනකොට ටේහ්‍යුන් බෙල්ල පිටිපස්ස කසන ගමන් යාන්‍තම් හිනා උනා..කාට බොරු කරත් ඩොක්ටර්ට බොරු කරන්න බැහැ කියනවා වගේ ටේහ්‍යුන්ගේ කකුල දැක්ක ගමන්ම ඩොක්ටර් මේක වැදුන පාරක් කියලා හොයාගත්තා..

" වැදුන පාර සැරයි දරුවෝ...මේක තව ටිකක් හයියෙන් වැදුනා නම් කකුල කැඩිලා යනවා..කෝකටත් අපි x-ray එකක් අරන් බලමු.."

ඩොක්ටර් කකුල එහෙට මෙහෙට කරන ගමන් කියනකොට ටේහ්‍යුන්ගේ මූන අදුරු උනා..එයාට මුලින්ම මතක් උනේ මැට්ච් එක...හොස්පිටල් එකේ එලියේ ඉදන් වෝර්ඩ් එකට ආවෙත් වීල් චෙයාර් එහෙක..ටේහ්‍යුන්ට ගහගන්න වෙලේ ගානක් නැති උනත් මේ වෙනකොට නම් කකුල දරාගන්න අමාරු තරමට කැකුම අරගෙනයි තිබ්බේ..

" ගොඩක් ඩැමේජ් වෙලාද ඩොක්ටර් ??"

ටේහ්‍යුන්ගේ හිතේ තියෙන ප්‍රශ්නේ ජන්ග්කුක් අහනකොට ඩොක්ටර් කකුල දිහා ටිකක් බලලා ටේහ්‍යුන්ගේ කලබලෙන් පිරුන මූන දිහත් බැලුවා..

" ඒක ගැන මට තාම හරියට කියන්න අමාරුයි පුතා..අපිට x-ray එකක් අරගෙන තමයි බලන්න වෙන්නේ.."

" අදම ගන්න පුළුවන් ද ඩොක්ටර් ?? "

" ගන්න නම් පුළුවන්..ඒත් ඔය දරුවෝ එක්ක වැඩිහිටියෙක් ආවේ නැද්ද ?? දන්නවානේ හොස්පිටල් බිල් එක..."

ඩොක්ටර් කියන්න හදන දේ තේරුන හොබි ඉක්මනට ඩොක්ටර්ට එක්ක කතා කරා..

" ඒක ප්‍රශ්නයක් නෑ ඩොක්ටර්...මගේ තාත්තා මග එනගමන් ඉන්නේ..එයා ඇවිල්ලා පේ කරයි.."

හොබි අතේ පැලවෙන බොරුවක් කිව්වාම ජන්ග්කුක් ටේහ්‍යුන් දෙන්නාම හොබි දිහා ඇසුත් ලොකු කරන් බැලුවා..අන්තිමට ඩොක්ටර් ලියලා දුන්න රිසිට් එකත් අරන් කට්ටියම එලියට ආවේ x-ray එක අරගන්න යන්නයි..

You Are MY ENEMY || TK Where stories live. Discover now