Chapter 21

313 37 12
                                    

" අද දින අ.පො.ස. උසස් පෙල නිමාවත් සමගම දිවයිනේ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර සිදූ වූ ගැටුමකින් එක් සිසුවෙක් මියගොස් තවත් සිසුන් තිදෙනෙක් රෝහල් ගත කර ඇත..ඉන් එක් සිසුවෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ආරංචි මාර්ග පවසයි..මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කිම් සෝජුන් නැමැති දහනම හැවිරිදි සිසුවෙකූයි..සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් සිව්දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත..මෙම ගැටුම පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ බවට ආරංචි මාර්ග පවසන අතර මරදාන පොලිසිය විසින් මේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඉදිරියටත් සිදුකරගෙන යනු ලබයි..!! "

ජන්ග්කුක් , ජිමින් එක්ක හොස්පිටල් එකේ ටීවී එකෙන් පේන නිවුස් එක දිහා ඔහේ බලාගෙන හිටියා...ටේහ්‍යුන් පරක්කු නිසා හොබීගේ ෆෝන් එකට ජිමින් කෝල් කරාමයි එයාලා සිද්ධිය දැනගත්තේ...ඒත් මේ වෙනකොට නිවුස් වලත් මේ සිදුවීම යනකොට එයාලට හිතාගන්න බැරි උනා නිවුස්වලට කොහොමද ඒක ගියේ කියලා..ඒත් ඒ ගැන ඕනවට වඩා හිතන්න ජන්ග්කුක්ටවත් ජිමින්ටවත් සිහියක් තිබ්බේ නෑ..

මොකද ටේහ්‍යුන් ජන්ග්කුක්ලගේ ඉස්සරහම සිහිය නැතුව වැටුනට පස්සේ එයාට සිහිය ආපු නැති නිසා ඩොක්ටරස්ලා එයාව ඉක්මනට ICU එකට දැම්මා..ඉතින් ටේහ්‍යුන්ගේ තාත්තා එතන රැදෙනකොට ජන්ග්කුක් ජිමින් දෙන්නා අකමැත්තෙන් උනත් එතනින් එහාට ගියේ ICU එක ඉස්සරහ ගොඩ දෙනෙක්ට ඉන්න දෙන්නේ නැති නිසායි.

" මේ කොල්ලන්ට නම් පොඩි වයසට තියෙන්නේ එසේ මෙසේ විසයක් නෙමෙයි...මුන්ගේ තියෙන විසේට ඔහොම වෙලා මදි..."

ටීවී එකේ නිවුස් අහගෙන හිටිය වයසක ආච්චි කෙනෙක් කියනවා ජන්ග්කුක් ජිමින් දෙන්නා අහගෙනයි හිටියේ...ජිමින් ජන්ග්කුක්ගේ බෙල්ල අස්සේ මූන ඔබන් අඩනකොට ජන්ග්කුක් ඒ ආච්චි දිහා රවලා බැලුවා..මිනිස්සු හැම වෙලේම මනින්නේ පිට පොත්තෙන් බලලා !!

ජන්ග්කුක් මේ වෙලේ හිටියේ උපරිමේටම දරාගෙන...ජිම්න් ටේහ්‍යුන් සිහිය නැතුව වැටුන වෙලේ ඉදන් අඩනකොට ජන්ග්කුක්ට ජිමින් වෙනුවෙන් ඉවසන් ඉන්න සිද්ධ උනා..ජන්ග්කුක් කොහොමත් ජිමින්ට වඩා හිතින් ශක්තිමත්...එයාගේ හැගීම් හංගන් ඉන්න තරම් එයා දක්ෂයි..ඒත් ඒ කොච්චර වෙලාවක් වෙනකම්ද කියලා ජන්ග්කුක්වත් දැනන් හිටියේ නෑ..

You Are MY ENEMY || TK Where stories live. Discover now