02 කොටස

231 31 4
                                    

"මමා....මට නම් බැහැ හෙට සෙමිනා යන්න...අනේ පරිසරය පාඩම් කරා කියලා ගස් අපිත් එක්ක කතා කරනවද?.."

"කෙන්..ආයේ මට ඇහෙන්න ඔය කතාව කියන්න එපා තේරුනාද?..බලන්නකෝ නිතූ මෙයාගේ කතාව..."

"කෙවින් කොහොමත් එහෙමනේ පූජා..ලකුණු අඩු නෑනේ..ඒනිසා ඔන්න ඔහේ ඉන්න දෙන්න.."

"චානු පුතා සෙමිනා යනවද?..."

"යනවා ඇන්ටි..."

අද අපිට සිංහලයි ඉංග්‍රිසියි දෙමළයි තුනේම ස්කොලශිප් එක්සෑම් එකට එන ප්‍රශ්න ඩිස්කස් කරා.අයියෝ මට නම් එපා උනා.චානු නම් අහන් ඉන්නවා මොකාද වගේ..ඕක අහන් හිටියයි කියලා ලැබෙන්නේ මොනාද මන් අහන්නේ?

ඒ මදිවට හෙට අපිට පරිසරය සෙමිනාලු.අනේ පරිසරය සර්ගෙ ආච්චිට හාල් ගරන්න තමා.මන් ඕක ඇහෙන්න කිව්ව නම් මමා මාව උස්සලා ගහාවී පොළවේ!

"මට බෑ ඉගෙනගන්න...මන් කවදහරි කොන්දොස්තර මාමා කෙනෙක් වෙනවා...චානු ඉගෙනගෙන ඉවර වෙලා නිකන් ඉද්දි මගේ බස් එකෙ ඩ්‍රයිවර් වෙන්න..."

"මට නම් බැහැ...මේවා හරි ගියේ නැත්තන් මන් යනවා හිගාකන්න...."

"එක්කෝ අපි අනුරාධපුරේ ගිහින් මල් විකුණමු.."

ඔන්න අපි දෙන්නා අනාගතේ ගැන හීන මවන්න පටන් ගත්තා.දැන් මමයි චානුයි ඉන්නේ පහ වසරේ.අප්පෝ අගෝස්තු වල ලියන්න තියෙනවයි කියන අරුම පුදුම ශිෂ්‍යත්වේට මාස දෙකයි ඉතුරුවෙලා තියෙන්නේ.ලිව්වත් එකයි නොලිව්වත් එකයි ඕක නම් මට! ඕක ලිව්වා කියලා මොනාද ලැබෙන්නේ?

ඔන්න ඒක ලියලා පාස් උනහම මට ලැප් එකක් අරන් දෙන්නම් කියලා නම් මමා කිව්වා.ඩැඩා කැමති නෑනේ මන් ෆෝන් එකක්වත් අල්ලනවට.අඩුම ටිවී එකවත්!! චානුට නම් එහෙම නැහැ.අන්කල් මේ ටිකේම ඔස්ට්‍රේලියා ගිහින් හිටපු නිසා චානුට ෆෝන් එකක් තිබ්බා.එයාගේම නෙමෙයි කියන්නත් බැහැ.හැබැයි ඇන්ටි එක ගැන හෙව්වෙත් නැහැ.එයා එකේන් ගේම් ගහනවා.හැබැයි පාඩම් කරලා ඉවර වෙලා.

මන් මෙලෝ පාඩමක් කරන්නෑනේ..

"වැනිලාද චොකලට් ද?..."

මමා හිනාවෙවී ඇහුවේ අපි දෙන්නම මූණ ඇඹුල් කරන් නිසා.අද සිංහල වාක්‍ය රචනය චානුටත් එපාවෙලාද කොහෙද.නැත්තන් මෙයා ජිවීතේට එකගවෙන්නේ නෑ මාත් එක්ක හිගාකන්න යන්න එහෙම.

"මින්ට් චොකලට්...!"

"ෆලූඩා..."

මමා ඇහුව ෆ්ලෙවර්ස් දෙකට වඩා වෙනස් දෙකක් අපි කියද්දි නිතූ නැන්දා අපි දෙන්නගෙම කොන්ඩේ ඇවිස්සුවා.අපි පහළ පාර දිගේ ඇවිදගෙන යනගමන් හිටියේ.මමා නම් මෙහෙම ඇවිදින්න යන්න එන්නෑ අපිත් එක්ක.නිතූ නැන්දා නම් එනවා.ඒ චානුගේ අම්මා...

මමා අයිස්ක්‍රීම් හට් එකකින් අයිස් දෙකක් අරගෙන අපි දෙන්නට දුන්නම මන් එතන බංකුවෙන් ඉදගෙන පාරේ වාහන ගනින්න ගත්තා.චානු වැල්ලේ කකුල ගහනවා.

ස්කොලශිප් එක ඉවර වෙලා අපි යන ස්කොලේත් චානුයි මායි එකට ඉන්නවා නම් මම කැමති...!

-- මතු සම්බන්දයි --
03 වන කොටසින් හමුවෙමු...🤍🌙

🤍🌙

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සොදුරු සිත්තමක් |BLWhere stories live. Discover now