04 කොටස

196 27 2
                                    

අවුරුදු දාහතක්!.....ලේසි පහසු නැති අවුරුදු දාහතක් ගෙවිලා ගියා...එලේවල් පටන් ගන්න ඔන්න මෙන්න තියෙන්නේ.මන් ආට් තෝරගනිද්දි චානු මැත්ස් තෝරගත්තා.එයාට ඕන පයිලට් කෙනෙක් වෙන්නද කොහෙද.මන් හරියටම ඒ ගැන දන්නේ නැහැ.මට කවදහරි ලෝයර් කෙනෙක් වෙන්න හිතෙනවා.මන් ඒ ජොබ් එකට ආසයි..එක්කෝ ඔහේ ඉන්නවා.එහෙම ඉන්නත් පුලුවන් පෙර වාසනාවක් තියෙනවනේ මට..

ලේසි පහසු නැති කාලෙකට මුහුණදෙන්න වෙන්නේ කියලා තේරුනේ දාහත්වෙනි බර්ත්ඩේ එක දවසේ ඩැඩාගේ වචන ඇහිලා.එයා පොලිටීශියන් කෙනෙක්.ඒ විතරක් නෙමෙයි එයා ඩීල් එකක් දාලා.විපක්ෂේ ඇමති කෙනෙක් එක්ක....ඩීල් එකට අරගෙන තියෙන ඉත්තා මම.....

කෙවින් ෆර්නැන්ඩස් අන්තිමේ ඉත්තෙක් උනා..

තවත් ඉතින් මේ ජිවීතේන් ගන්න දෙයක් නැහැ.හැබැයි ඉතින් මන් ජීවත් වෙන්න එපැයි.මමා වෙනුවෙන්....චානු වෙනුවෙන්...
ඒ පිස්සා අවුල් ගන්නවා මන් ඔහේ ඉද්දි..ඉතින් මට එයා ඉස්සරහ සතුටින් වගේ රගපාන්න වෙනවා..

අද එයා බයෝ ක්ලාස් ගියපු දවසක්.මන් මගේ සයික්‍රැටික් ව හම්බෙන්න ගියා..ඩොක්ටර් ඉශාන්....

"අහ් කෙවින්.."

"ඉශාන් අයියේ.....මන් හිතන්නෑ බෙහෙත් බිව්වා කියලා හරි යාවී කියලා.."

"ළමයෝ...ඔයාගේ හිතේ විශ්වාසයක් නැතුව මේ මොකුත් කරාට වැඩක් නෑ...කෙවින් මන් ඔයාට මේ කතා කරන්නේ අයියා කෙනෙක් විදිහට...මොන දේ සිද්ද උනත් අපි ගැන හොයලා බලන අය වෙනුවෙන් හරි අපි ජීවත් වෙන්න ඕන..."

"මන් දන්නවා....එහෙම ඉන්න දෙන්නා වෙනුවෙන් ජීවත් වෙන නිසයි අදත් මම මෙතෙන්ට ආවේ..."

අපි දෙන්නා එච්චරයි අයියෙකුයි මල්ලියෙකුයි විදිහට කතා කරේ.වෙනදාවගේම අනම් මනම් පර්‍යේශණ තිබ්බා.මමත් වෙනදාවගේම ඒවට හිටියා....අන්තිමේ ඔක්කොම ඉවර වෙලා ඉශාන් අයියම මාව ගෙදරට ඩ්‍රොප් කරා.එයාගේ ලාස්ට් පේශන් හැමදාම මම..

මම ගෙදර ගියත් චානු ඇවිත් හිටියේ නැහැ.මන් ඔහේ මාළු ටැංකිය දිහා බලන් ඉද්දි චානු දොර අරින සද්දේ ඇහිලා මන් නැගිට්ටේ පුන්සදගෙ මූණ බලාගන්න.
ඔව් දැන් අපි දෙන්නා ඉන්නේ එකට.මමා ඔස්ට්‍රේලියා ගියා මන් දහය වසරේදි ආපහු.ඩැඩා එක්ක ඉන්නවට වඩා හොදයි මැරුනා නම්!!

ගම්පහ ඉදන් හැමදාම ස්කෝල එන එක කරන්න බැරි නිසා අපි මෙහෙන් අපාට් එකක් අරන් නැවතුනා...

මේ ඉතින් මගේ ගෙදර...චානු..මගේ නෙලුම් මල....
මට එයාව දැනෙන්නේ ගෙදර වගේ...

ලගදීම එලේවල් වලට ස්කෝල පටන්ගනිවී..

-- මතු සම්බන්දයි --
05 වන කොටසෙන් හමුවෙමු 🤍🌙

-- මතු සම්බන්දයි --05 වන කොටසෙන් හමුවෙමු 🤍🌙

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සොදුරු සිත්තමක් |BLWhere stories live. Discover now