1 කොටස

280 44 7
                                    

" උබලා විශ්වාස කරනවානම් විශ්වාස කරපම්, නැත්තම් මට වැඩකුත් නෑ. මම දඩෝරි බල්ලා ඉස්සරහට පැන්නේ බැට්මෑන් වගේ මෙන්න මෙහෙම " චයිනා රග පපා කියන කොට අපි ඒ දිහා බලන් හිටියේ කම්මුලට අතකුත් තියන්

අපේ සෙට් එකේ ලොරි පචයා තමා චයිනා කියන්නේ..ඔය දැනුත් කියන්නේ ආච්චියෙක් පස්සෙන් පන්නන් ආපු බල්ලෙක් ඉස්සරහට පැනලා මූ කරපු වීර වික්‍රමයක් ගැන.. ආයෙ ඉතින් කතා දෙකක් නෑ ඕවත් ටොම් පච තමා..

" ඉතින් උබ දිග කලිසමට උඩින් ජොකෙක් ඇදන්ද බල්ලා ඉස්සරහට පැන්නේ " මම සද්දෙන් කියන කොට පන්තියෙම උන් චයිනා දිහා බලලා හෙන හයියෙන් හිනා උනා

" අනේ නිකම් ඉදපම් " චයිනාට තද වෙලා ඌ අපිට ඔරෝ ඔරෝ වාඩි උනා..

" ඉතින් බන් තෙව් කිව්වේ ඇත්තනේ.. බැට්මෑන් දිග කලිසමට උඩින් ජොකෙක් දාන් තමා ඉන්නේ.. ඇයි උබ එහෙම නෙවේද ගියේ " තරුශ එහෙම කියලා මට පහක් දැම්මා

" වෙන මොකවත් නෙවේ ඔය.. තොපේ ඉරිසියාව " චයිනා හතර වටේටම රවලා අහක බලා ගත්තා

" අපේ ඇස් වහ වදී කියලා තමා ඒ දවස් වල චීන කෑල්ලක් අපිට හොරෙන් මූ රන් කලේ නේද බන් " මම අහන කොට අපේ උන් ඔක්කොම හිනා වෙන්න ගත්තේ බඩ අල්ලාගෙන

අපි මුට චයිනා චයිනා ගෑවට චයිනාගේ ඇත්ත නම සචින් කෞශික.. අර මං කලින් කිව්ව චීන කෑල්ලගේ කේස් එකෙන් පස්සේ ඌ චයිනා උනා...

ඒ කතාව ගැන කිව්වොත්, ඕක O/L කාලේ උන සීන් එකක්. අපේ සෙට් එකේ උන් ටික එක්කහු වෙලා ඒ දවස්වල චයිනට බයිටක් දෙන්න හිතුවා.. ඊට පස්සේ අපි FB ෆේක් ඇක් එකක් හැදුවා Xian ji කියලා චීන නමක් දාලා.. ඒකට ලස්සන චයිනිස් කෙල්ලෙක්ගේ 4to එහෙකුත් දාලා චයිනට මැසෙන්ජර් වලින් චැට් කලා.. අම්මෝ මූත් බලන්න එපැයි English වලින් හොදට චැට් කලා.. ඒ කාලේ මූ ස්කෝලේ ආවත් ඉන්නේ හෙන ෆන් එකේ.. whistle ගහනවා.. තනියෙන් හිනා වෙනවා.. චයිනිස් සිංදු කියනවා. චයිනිස් කෑම කනවා... මූ දන්නෑනේ ඕක අපේ ලනුවක් කියලා.. මූ කිව්වෙත් නෑ අපිට ඔය ගැන..

අපි ඕක මාසයක් විතර ඇදන් ගියා.. ඊට පස්සේ දවසක් මූ කිව්වා මට ඔයාව බලන්න ආසයි ගමුද වීඩියෝ කෝල් එකක් කියලා. අපි ඉතින් හා කියලා ගත්තා කෝල් එකක්.. ගත්තම තමා මුටත් වැඩේ තේරුනේ.. වීඩියෝ කෝල් එකෙන් අපිව දැකලා මුගේ ඇස් උඩ ගියා.. එක පාරටම විශාල ශබ්දයක් එක්ක වහලක් දිස් උන නිසා අපිට තේරුනා ෆෝන් එකත් බිම වැටුනා තමා කියලා.. ඕකෙන් පස්සේ ඉදන් මූ චයිනා උනා.. කොහොමහරි සතියක් විතර තරහත් වෙලා හිටියා.. පස්සෙ ඉතින් ආයේ යාලු උනා..පුහ් උට පුළුවන්ද අපි වගේ පිංවන්ත ලමයි එක්ක තරහා වෙලා ඉන්න

නෙත් මානෙම || TK ( Nonfiction )Where stories live. Discover now