4 කොටස

157 28 1
                                    

මං උන්නේ අපේ කාමරේ පොත් මේසේ උඩ 13 වසරේ පලවෙනි BS පාඩමේ නෝට් වගයක් බල බල .. කොමස් කරන එකෙක් නම් දන්නවා Management පාඩම් සෙට් එක කොයිතරම් නම් සාපකාරීද කියලා..

අද දවසම දිය උනේ කොමස් ඩේ එකට හෝල් එක සරසන වැඩ වලට උනාට අන්තිමේදී එතනත් මහ ලොකු ලබ්බක් කර ගන්න උන්නෑ.. දවසම අරහෙට මෙහෙට පැන පැන නට නට අරවා මේවා මොනා කලත් අන්තිමේදී ඩෙකරේට් කර ගන්න පුළුවන් උනේ ස්ටේජ් එක විතරයි . හැබැයි ඒකත් භාගෙට.. අනික් සෙක්ශන් වල උනුත් උදව් නොවුනා නම් ඕකත් නෑ..

සාමාන්‍යයෙන් අපේ ස්කෝලේ උන්ගේ කොහොමත් Maths , science , commerce , art කියලා බෙදිලා මරා ගන්න ඒවා අඩුයි.. අඩුයි නෙවේ ඇත්තටම කිව්වොත් ඇත්තෙම නැති තරම්.. Bio ,maths කරන එකා උගතා Commerce , Art කරන එකා මෝඩයා කියලා බෙදිලි ඇත්තෙත් නෑ.. හිත හොද නම් එච්චරයි ..
හොදම උදාහරනේ විදියට ගත්තොත් අපේ කොමස් ඩේ එකම ඇති.. කොමස් ඩේ එක කොමස් උන්ගේ වැඩක් උනාට අපිට වඩා නැහුනේ අනික් සබ්ජෙක්ට් කරන උන්

කොහෙමෙන් කොහොම හරි අද දවසම පොතක් අතින් අල්ලන්න බැරි උන තැන මම, මෙහෙම ඉදලා හරි යන්නෑ කියලා හිතලා පොත් සෙට් එක අතට ගත්තට මොකද දැන් නම් ඉන්නේ සංසාරෙම එපා වෙලා .. ඒ අස්සේ පැය ගානක් තිස්සේ පස්ස පැත්ත එක තැන තියන් ඉදලා පස්සයි කොන්දයි දෙකම නලියනවා.. ඉවසන්නම බැරි තැන මම පොතත් අරන් ඇදට පැන්නා.. ඇයි යකෝ ඉගෙන ගන්න කලින් මම ජීවත් වෙන්න එපැයි..

හැබැයි ඉතින් පොත අරන් ඇදට පැන්නා කියන්නේ එතනින් එහා ඉගෙනුමක් නෑ තමයි, ඒත් ඉතින් අම්මගෙ සුදු පුතාගේ පස්ස දනවනේ..

මම ටේබල් ලෑම්ප් එකේ එලිය තව ටිකක් අඩු කරලා ෆෝන් එක අරන් වෙලාව බැලුවා.. වෙලාව හරියටම පාන්දර එකයි.. අද නිදි මරන්නත් බෑ.. හෙට සෙනසුරාදා උනාට උදේ 11.00 වෙද්දි ස්කෝලෙට යන්න ඕන.. තව කොච්චර වැඩ තියෙද අගහරුවාදට කලින් කරන්න.. තොරන ගහන එක ගැනවත් අයිඩියා එකක් අපේ ඔලු වල නෑ.. ඇයි තව හෝල් එකම සරසන්නත් ඕන.. ඒ මදිවට තීම් එක ඇහුවම මට හිනත් ගියා...

හැමෝම තීම් එකට ගන්නේ ගැඹුරු මුහුදයි, පරිසරයයි නිසා වෙනසක් ඕනයි කියලා මුන් තීම් එකට අරන් තියෙන්නේ Horror theme .. කාට කියන්නද මේවා ඉතින් ...

නෙත් මානෙම || TK ( Nonfiction )Where stories live. Discover now