5 කොටස

108 24 1
                                    

පොඩී හීනෙන් දැක්කයි කිව්ව දේවල් ගැන හිතලා හිතලා මගේ ඔලුව සෑහෙන්න මහන්සි වෙලා තිබ්බත් නින්ද කියන දේ මගේ අහලකටවත් ආවේ නෑ

අනික් පැත්තෙන් පොඩී ආයේ හීනෙන් බය වෙලා ඇහැරෙයි කියලා තියෙන සැකේට මට නිදා ගන්න ඕන උනෙත් නෑ..

ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි එලි වෙන්න තිබ්බ පැය ගාන මම ගැන්නා.. දැන් වෙලාව පාන්දර දෙකයි.. තව පැය තුනකින් තාත්තා ඇහැරෙනවා.. ඒ කියන්නේ හරියටම පහ වෙද්දි.. පහයි කාල වෙද්දි තාත්තා මූන කට සෝදන් එයාගේ ඔෆිස් රූම් එකට යනවා.. මම හරියටම පහ මාර වෙද්දි ඔෆිස් රූම් එකට යන්න ඕන..
ගිහින් තාත්තට මේ ගැන කියන්න ඕන.. පොඩී හීනෙන් දකින දේවල් , මට හිතෙන දේවල් හැම එකම එයාට කියලා මගේ හිත ටිකක් හරි නිදහස් කර ගන්නෝන..

සෙනසුරාදා දවසේ තාත්තා hospital එකට යන්නේ දවල් 12ට.. ඉතින් ඒ දවසට එයා කරන්නේ උදේ පහට නැගිටලා මූන කට සෝදන් අපේ ගෙදර උඩ තට්ටුවේ කෙරෝලෙම තියෙන එයාගේ ඔෆිස් එකට රිංගගෙන උදේ දහය විතර වෙන කල් පොත් කියෝන එක.... ඉතින් මට ඕනි තාත්තා ගෙදර ඉන්න වෙලාවෙම එයා එක්ක නිවී සැනසිල්ලේ මේ ගැන කතා කරන්න.. ඒ නිසා ඒක තමා හොදම වෙලාව

යාන්තම් පහ විතර වෙනකොට මට නින්ද ගියා.. ආයේ මාව ගැස්සිලා ඇහැරුනා.. ඇහැරිලා මම කෙලින්ම බැලුවේ වෙලාව.. 5.36 AM
මම දඩිබිඩි ගාලා නැගිට්ටා.. නැගිටලා වොශ් රූම් එකට දුවලා මුලින්ම දත් මැදලා මූන කට සෝද ගත්තා.. ඒ ඔක්කොමත් කරලා එලියට එන කොට වෙලාව හයට පහයි

" සැක් යකෝ... පහ මාර වෙද්දි තාත්තා එක්ක කතා කරන්න යන්න ඕන කියලා නේද හිතන් හිටියේ " මම මටම මුමුනන ගමන් කාමරෙන් එලියට ආවා

මුලු ගේම හෙනම නිශ්ශබ්දයි.. වෙනදට නම් අම්මා මේ වෙලාවෙත් කුස්සියේ.. එයා වෙනදට නැගිටින්නේ පාන්දර හතරට වෙනකොට සෙනසුරාදාට විතරක් හය වෙනකම් නිදා ගත්තා. මොකද ඉතින් සෙනසුරාදා තාත්තත් උදේ වරුවෙ ගෙදර මටයි පොඩියිටත් ක්ලාස් නැහැයි කියලා තියෙන එකම දවසත් සෙනසුරාදා නිසා එයාට උදෙන්ම නැගිටන් උයන්න ඕන්නෑ එදාට.. හැබැයි අනික් දවස් වලට නම් වැසි දාහක් වැස්සත් සීතල ටයිල් පොලවේ එහෙට මෙහෙට පැන පැන ගැහි ගැහි එයා වැඩ. ගෙදරට මේඩ් කෙනෙක් අරන් උයන පිහන වැඩ කර ගන්න අපිට හොදටම පුළුවන් කම තිබ්බත් අම්මා ඒකට කැමති උනේ නෑ... ගේ අස් කරන වැඩ වලට විතරක් සීතා ආච්චි හිටියා

නෙත් මානෙම || TK ( Nonfiction )Where stories live. Discover now