Chapter 03

402 67 19
                                    

හැමෝම හිටියෙ දවල් කෑම කන ගමන්..

ආදිත්‍ය ලගින් ඉදගෙන හිටිය තීනු⁣ට ආදිත්‍ය බලෙන්ම බත් කවන්න ගත්තෙ හැමදාම කෑම කන්න හොර වෙන නිසා..

ඒත් ආදිත්‍යගෙ අම්මයි තාත්තයිනම් ඒ වැඩේට කැමති උනේ නෑ.. ඒක නිසා චූටි තීනුට රවන ගමන් එයාලගෙ කෑම එක කෑවා...

" පුතා ඊයෙ කියපු කාරණාව ඇත්තද"

නිහඩතාවය බිදින ගමන් දේවාශ් කතා කලෙ ආදිත්‍යගෙ අවදානය සහ අනිත් අයගෙ අවදානයත් අරගෙන..

" ඔව්.. මමයි තීනුයි කොළඹ මගෙ ගෙදර පදිංචියට යනවා හෙටම.."

ආදිත්‍ය කිව්වම තීනු ආදිත්‍යගෙ කළු පාට ශර්ට් එක පොඩි කලේ ඇස් දෙකත් ලොකු කරගෙන..

" ඒත් පුතා "

" නැහැ අම්මා.. මෙහෙම ඉන්නකොට මට හරි කරදරයක්.. මොකද මගෙ බිස්නස් වැඩ එහෙනෙ තියෙන්නෙ.."

ආදිත්‍ය කිව්වම ඇය ඔළුවවැනුවා..

" පුතා එහෙ ගියහම මේ කොල්ලා වැඩක් පලක්වත් කරන එකක් නෑ.. දැනට උනත් අම්මගෙ බලේටනෙ මූ වැඩ කරන්නේ"

" ඇත්ත පුතා.. ඔයාට එහෙ ගිහින් වැඩකාරයො ගන්න වෙයි.. මූ කකා බිබී ගෙදරට වෙලා ඉදී.. මොකද රස්සාවක් කරනව කියලද.. අනික පුතා මහන්සි වෙන තරම දන්නෙ අපිනේ.."

" නෝනගෙ කතාව ඇත්ත පුතා.. මම කැමති ඔයා මෙහෙ ඉන්නවනම්"

දෙන්නා විරැද්දව කත⁣ කරන කොට ආදිත්‍යට තරහා ගියා.. මොකද තීනු කරන්නේ ආදිත්‍යගෙ  වැඩ විතරක් නෙවෙයි.. එයාගෙ දෙමව්පියන්ගෙ ඇදුම් පවා සෝදනවා.. එහෙම එකේ කොහොමද කියන්නේ තීනු වැඩ කරන්නේ නැ කියලා..

තීනු පැත්තෙන් බැලුවොත් ආදිත්‍යට වඩා මහන්සි වෙන්නේ තීනු..ගෙවල් දොරවල් වල වැඩ කරනවා කියන්නෙම ලේසි වැඩක් නෙවෙයි කියල හොදාකාරවම ආදිත්‍ය දැනගෙන හිටියා..

" අනේ අම්මා.. මම කරන්නේ මට ඕනි දේ.. අනික කොහොමද කියන්නේ තීනු වැඩ කරන්නේ නැ කියලා.. මට වඩා එයා ගැන ඔයාල දන්නවා.. වයස 15ක ලමයෙක්ට කරන්න පුලුවන් වැඩද තීනු කරන්නේ අහ්.. මගෙ විතරක් නෙවෙයි අම්මගෙ තාත්තගෙ ඇදුම් පවා තීනුනේ හෝදන්නේ.. ආයෙ තීනුට වචනයක් කියල අහුවෙන්න එපා.. මම හොදින් කියන්නේ මේ.. අනික වැඩක් කලත් නොකලත් වැඩකාරයෙක් ගෙනාවත වියදම් වෙන්නෙ මගෙ සල්ලිනම් ඔයාල ප්‍රශ්නයක් කරගන්න එපා"

තරහෙන් කියපු ආදිත්‍ය පුටුවත් පස්සට කරලා නැගිට්⁣ටේ වතුර බොන ගමන් හිටිය තීනුගේ චූටි අතත් අල්ලගෙන..

" එනවා යන්න තවත් ඉන්නෙ"

තීන්ව ඇදගෙන කාමරේට ආව ආද්‍ය තීනුව ඇද උඩට තල්ලු කරා..

" සූට් කේස් දෙකටම දෙන්නගෙම ඕන කරන දේවල් දාලා ලැහැස්ති කරන්න.. හෙට උදේම කොළඹ යනවා"

කියපු ආදිත්‍ය  කාර් එකෙ යතුර අරගෙන යන්න ගියේ තීනු උනේ මොකක්ද කියල හිත හිත ඉද්දි..

" වැස්සක් වැහැලා පෑව්වා වගේ.. කටේ සද්දේ🤭 නපුරු හබී.. සැර කරාට ආදරෙයි නේ❤️ නැත්නම් ඉතින් මගෙ පැත්ත අරගෙන නෝන හාමුට අරහෙම කෑගායිද ඉතින්.."

තීනු අහිංසක විදියට හිනා වෙවී ක්ලොත්සෙට් එක ඇත්ලෙ ⁣අයිනක තිබුන සූට් කේස් දෙක අරගෙන එයාලගෙ ඇදුම් දාන්න ගත්තා...







💞💞💞💞💞💞💞💞

💕Luna💞

Baby?.............No No Husband🙊❤️|| Tk ||Where stories live. Discover now