Character 20 ❤️

268 22 6
                                    

🐯: මේක තමා මගේ පුංචි ගෙදර

ටේහියුන්ග් එහෙම කියන ගමන් ගෙදර දොර ඇරියා.. එයා ගාවම ජන්ග්කුක් හිටියේ ටේහියුන්ග්ගේ අත තදින් අල්ල ගෙන

🐰: වාහ්

ජන්ග්කුක් කටත් ඇරන් වටපිට බැලුවේ ටේහියුන්ග් කියන පුංචි ගෙදර කොහෙද පුංචි කියලා හිතන ගමන්..

ටේහියුන්ග් ජන්ග්කුක්ගේ ඇදුම් බෑග් උස්සන් ජන්ග්කුක් ගෙත් අතින් අල්ලන් ගේ ඇතුලට ආවා

ඇත්තටම ජන්ග්කුක්ට හිතුනෙම එයා රජ මාලිගාවකට ආවා කියලා.. මහ විසාල ගේ පිරෙන්නම බ්‍රෑන්ඩ් නිව් බඩු වැහි වැහැලා තිබ්බා.. සුදු පාට ටයිල් පොලවේ එක කුනු බිංදුවක් නැති වෙන්න මැදලා තිබුනේ.." බත් උනත් දාගෙන කතහැකි .." ජන්ග්කුක් හිතුනේ එහෙමයි

ඊලගට ජන්ග්කුක්ගේ ඇස් ගියේ ටේගේ ගෙදර බිත්ති වලට .. මුලු බිත්ති පුරාම එක එක Art වලින් ගේ පිරිලා තිබුනා.. ටේ ගනන් කරන්න බැරි තරම් ආර්ට් තොගයක් ෆ්‍රේම් කරලා බිත්තිවල එල්ලලයි තිබුනේ..

🐰: වාහ්

🐯: ලස්සනයිද

ටේහියුන්ග් ජන්ග්කුක්ගේ කන්වලට පාත් වෙලා කොදුරනකොට ජන්ග්කුක් ඔව් කියලා ඔලුව වැනුවා

🐰: හියුන් ආසද මේවට

🐯: හ්ම්ම්.. ඔව්.. මෙතන සමහර එව්වා මමම ඇදපුවා

🐰: වෝහ්.. ඇත්තටම

ජන්ග්කුක් ඇසුත් ලොකු කරන් අහන කොට ටේහියුන්ග් ඔලුව වැනුවා

🐰: ඒවා ලස්සනයිනේ.. ම..මං ලගට ගිහින් බලන්නද

🐯: ඕක අහන්නත් දෙයක්ද?.. ලගට ගිහින් බලන්න.. මං අපිට බොන්න මුකුත් අරන් එන්නම්.. ඊට පස්සේ ඔයාට මං රූම් එක පෙන්නන්නම්

එහෙම කියපු ටේහියුන්ග් ජන්ග්කුක්ගේ තොල් වලට පොඩි පෙක් එකක් තියලා කිචන් එක දිහාට ඇවිදන් ගියා

කිස් එකෙන් රතු උන ජන්ග්කුක් ටිකක් වෙලා ටේහියුන්ග් යන දිහා බලන් ඉදලා හිමින් හිමින් ආර්ට් එල්ලලා තියෙන බිත්තිවලට ලං උනා

🐰:හරිම ලස්සනයිනේ

ජන්ග්කුක්  හරි පරිස්සමින් ඒ ආර්ට් උඩ එයාගේ ඇගිලි ගෙනිච්චා

You've reached the end of published parts.

⏰ Last updated: Mar 19 ⏰

Add this story to your Library to get notified about new parts!

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now