Chapter 4

409 33 4
                                    


✨️

අන්තිමේදී අනුජ්වයි මාවයි බිල්ලට දීලා මුන් ටික පැත්තකට වුණා.

ඊළඟ යුද්ධෙ පටන් ගත්තේ කියන සිංදුව තෝරන්න.

ක්ලාස් එකේ ඉන්න හැමෝම කියන දේ අහලා සිංදුවක් කියන්න ගියොත් සිංදු කෑලි කෑලි විසි පහක් දාපු මාෂප් එකක් තමයි කියන්න වෙන්නේ.
ඇයි යකෝ එකෙක් එකක් කියනකොට තව එකෙක්ට ඒක හරියන්නේ නෑ. ඌ වෙන එකක් කියනවා.

"කට වහපල්ලා......"

දරාගන්නම බැරි තැන මම කෑ ගැහුවා.

ඒ අස්සේ ගවියයි සචියයි කට ඇරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. ඔව් ඉතින් මං මේ එයාලා ඉස්සරහා දරුණු වුනාමනේ.

"මායි අනුජයි කතා වෙලා මොකක්ද කියන සිංදුව කියලා තෝරගන්නම්.."

"මේ ඔව් මචන්ලා.. අපේ වොයිසස් වලට මැච් වෙන එකක් වෙන්නත් ඕනිනේ."

අනුජ් කියනකොට මමත් ඔළුව වැනුවා. නැත්තං මුන් ඕක නවත්තන්නේ නෑ අද.

✨️

ඉතිරි පීරියඩ්ස් හැම එකේම ටීචර්ස්ලා ඇවිත් ඉන්නකොට ආයෙත් සිංදු කතාව ඇදිලා ආවෙ ඉස්කෝලෙ ඇරුනට පස්සේ.

ගී පැදුර කියලා කියන්නේ අවුරුද්දකට වතාවක් ඉස්කෝලේ මීඩියා ක්ලබ් එක ඉස්කෝලෙ ලමයි එක්ක එකතු වෙලා කරන ඉවෙන්ට් එකක්.
ගිය අවුරුද්දෙ ඉවෙන්ට් එකත් හොඳට කරලා තියෙනවා අපේ ක්ලාස් එකේ එවුන් ටික ස්ටේජ් එකට නගිනකන්.
මුන් කොපර කොපර පිපිඤ්ඤා සිංදුව කියන්නෙ නැතුව ස්ටේජ් එක උඩ කොපර කොපර පිපිඤ්ඤා කරලා.

"අර පර පාණ්ඩුවා පුකෙන් හිනා වෙන්න ඇති.. මතක් වෙනකොටත් පපුව රෙදෙනවා යකෝ..

ඒ නිසා ඔයා තමා මේ අවුරුද්දේ අපේ බලාපොරොත්තුව සුදු පැට්ටෝ.."

ගවියා මාව බදාගෙන කිස් කරන්න වගේ අත් දෙකත් දෙපැත්තට දික් කරන ගමන් මගේ ළඟට එනකොට සචියා උගේ පිටිපස්සේ කොලර් එකෙන් ඇදගෙන හිටියා ඌට තව ඉස්සරහට එන්න බැරි වෙන්න.

"මාව අතෑරපන් තඩියෝ.."

✨️

'මචං මං අනුජ්'

එකත්පස් | BL SINHALA NOVELWhere stories live. Discover now