Chapter 6

363 23 3
                                    

✨️

සඳුදා උදේම පීරියඩ් දෙක බයෝ. ඒත් අනුත්තරා මැඩම් ඇවිත් නැති නිසා නාම ලේඛණේ ලකුණු කරන එකේ ඉඳන් ඔක්කොම කරන්න වුනේ සරණට.

මමත් සිකුරාදා නෝට්ස් ටික ලියන ගමන් ගයියාගෙ කච කචේට කන දාගෙන හිටියා. ඕකා ශුවර් එකටම සචියා නෝට් එක ලියනකන් ඉන්නවා ඇත්තේ. මූටත් මොකද, නෝට් එක ලියලා අතටම හම්බෙනවනේ.

"හිමින් පලයන්.."

හුරුපුරුදු හඬක් එක්ක මොකක් හරි දෙයක් එක සමාන වෙලාවකින් පොලොවේ වදින හඬක් ඇහෙනකොට, මම ඉක්මනින් පොතෙන් ඔලුව අරගෙන ඉස්සරහා බලා ගත්තා.

අපේ පන්තිය හෝල් එකේ කොනේම තියෙනකොට අපිට කලින් S4 පන්තියත්, ඊට එහා පැත්තෙන් පන්ති හතරට මැදි වෙන්න පඩිපෙළත් තිබුණා.

S4 එකට ලැබ් පීරියඩ් එකක් නිසාදෝ පන්තියේ කවුරුත් නොඉන්නකොට, පඩිපෙළේ පහල ඉඳන් එන කෙනෙක්ගේ කටහඬ සද්දෙට ඇහුණා.

S4 එකට ලැබ් පීරියඩ් එකක් නිසාදෝ පන්තියේ කවුරුත් නොඉන්නකොට, පඩිපෙළේ පහල ඉඳන් එන කෙනෙක්ගේ කටහඬ සද්දෙට ඇහුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(සයන්ස් සෙක්ශන් එක)


"මං උබට කිව්වා මේ සතියෙත් ගෙදර හිටියා නං හරි කියලා. බලපන් ඉතින් කකුල් කරේ තියන් මේ පඩි ටික නගින්න එපැයි.."

"ම්න්.."

ටොක් ටොක් සද්දේ ටික ටික ලං වෙනකොට ඒ හා සමානවම ලබ් ඩබ් සද්දයකුත් ඇහෙන්න පටන් ගත්තා.

නේජ..

මං ඉන්න තැනට පඩිපෙලට හැරෙන තැන හොඳට පේනකොට, මම දැක්කා අත් වාරුවට බර දීගෙන හිමින් ඇවිදින එයාව.

කකුල අච්චර අමාරුව තියාගෙන මොකටද මේ මනුස්සයා අද ඉස්කෝලේ ඇවිත් තියෙන්නේ.

"පණ්ඩිතයිනේ.."

"කවුද..?

සචිත්ගේ කටහඬට මම යන්තමට ගැස්සුණා.. සෙනසුරාදා අමුතු විදියට හැසිරුණු මනුස්සයා දැන් දැන් පරණ තත්ත්වෙට ඇවිත් තිබුණා.

එකත්පස් | BL SINHALA NOVELWhere stories live. Discover now