Chapter 8

342 31 3
                                    

"අයාන්....
මාව ඇහෙනවද අයාන්...."

ඈතින් ඇහුණු සද්දයක් ටිකෙන් ටික පැහැදිලිව ඇහෙන්න පටන් ගන්නකොට, මං ඇස් අරින්න උත්සාහා කලා.

"සචියා ඔය වතුර එක දීපන් ඉක්මනට.."

ආයෙම හුරුපුරුදු කටහඬක් ළඟින්ම ඇහෙනකොට මං හිමිහිට ඇස් ඇරියා.

"ගව්..වී..ර..යා.."

"ආ මේකෙන් ටිකක් බීපන්..
කෝ හිමීට නැගිටලා සෝෆා එකට හේත්තු වෙයන්..
ආ මී හරකෝ.. තොට සිංහලෙන් කියන්න බැරි වුනාද stage fright තියෙනවා කියලා.."

ඇස් ඇරපු වෙලාවෙ ඉඳලා කනට මී පැණි වැටෙන්න පටන් ගන්නකොට මම ආයෙත් ඇස් පියාගත්තා.

"ඇස් වහන්නේ නෑ අයානයා.. ඇරපිය ඇස්.. ආ යකෝ.. තොට්..."

"ගයියා.. ඇති බන්.. කොල්ලා බය වෙලානේ ඉන්නේ.."

සචියා එහෙම කියනකොට මම අතේ ඇඟිලි දෙකක් එහා මෙහා කරන ගමන් දුක මූණක් මවාගත්තා.
මං හිතන්නේ අපි මේ ඉන්නේ ස්ටේජ් එක දෙපැත්තෙන් තියෙන චේන්ජින් රූම් වලින් එකක. ඇඟිලි දිහා බලාගෙනම මං යන්තමට ඇහි බෝල කරකවලා වටපිටාව බැලුවා.

"කොල්ලා බය වෙලා.. මූ බය වෙලා කොහෙද ඕඉ.. මායි බය වුණේ.. යකෝ ස්ටේජ් එකට ඇවිල්ලා ඕඩියන්ස් එක දිහා බැලුවා විතරයි - කඩන් වැටුණා..

මූට අපිට කියන්න බැරිද ඕක කරන්න බෑ කියලා.. අපි මොක්කු කියලද හිතන් ඉන්නේ..
උඹ ආයේ ස්ටේජ් එකට අඩිය තිබ්බොත් මම කකුල් දෙක කඩනවා අයානයා.."

ආච්චී ආවේස වෙලා හිටපු ගයියා නැගිටලා එතනින් එලියට යන්න ගියා.

අම්බෝ අදයි ගයියගේ කේන්තිය මං දැක්කේ. නැත්නං වෙනදට හිටියේ පිස්සුවක් නටලා හිනාවෙන ගයියෙක්නේ.

අම්බෝ.. ඒ කේන්තිය නං ආයෙ ඕන්නෑ. ඕකා ඔහොම දණ්ඩා වගේ හිටියට අර ලෙදර් බෝලෙට තට්ටු කරන හින්දද කොහෙදෝ, හොඳට හයිය හත්තිය තියෙනවා.
අර කිව්වත් වගේ ටකස් ගාලා කකුල කඩලා දැම්මොත්..
මූ එදා කිව්වේ සීනි තාත්තෙක් ඕනි කියලා නේත. ඔය හොයා ගන්නවා කියපු සීනි තාත්තට දුං දායි මේකව බැඳගත්තොත්.

එකත්පස් | BL SINHALA NOVELWhere stories live. Discover now