සදහිරු pov:මොකක්හරි හේතුවක් හින්දා හිතට ලොකු බයක් දැනෙනවා.මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. ඒත් මේ දවස් ටිකේම මම ඉන්නෙ හරි බයෙන්.එදා සුදු බේබි මට බැන්න දවසෙ ඉදන් මට තනිකම කිය දේ වෙනදටත් වඩා දැනෙනවා.එදා සුදු බේබි මට දර ගෙනියන්න උදව් කරත්, එදා හවස ආයම මන් උයපු කෑම එයාට කන්න බෑ කියලා අතේ තිබුණ වීදුරුවත් පොලේ ගහලා පුංචි බේබිවත් අරන් කාමරේට ගියා.වීදුරු කටු සුද්ද කරන්න ගිහින් මගෙ අතත් තුවාල වුණා. මන් බෙහෙත් දාන්න යද්දි ආයම එයා ඇවිත් මට උදව් කලා.මට හිතාගන්න බෑ එයා එක එක වෙලාවට මේ විදිහට වෙනස් වෙද්දි.
ඇයි මේ අහිංසක මටම හැම කරදරයක්ම. මන් දුක විතරක්ම විදින්න මේ ලෝකෙට ආව කෙනෙක්ද?මට සතුට කියන දේ එක මොහොතකටවත් විදින්න උරුම නැද්ද? මට කවද්ද ආපහු සතුටින් ඉන්න ලැබෙන්නෙ.හැමෝම කරේ මගෙන් හැමදේම උදුරගත්ත එක විතරයි.මාත් ආසයි සතුටින් ඉන්න තනියම වුණත් කමක් නෑ, ඒත් මගෙ සතුට නැතිකරන්න එපා.
අද තමයි කුඹුරේ අස්වනු නෙළන දවස, ගෙදර ඉන්නෙ මමයි , ලොකුහාමිනෙයි,තිසෙන්දි නෝනයි විතරයි. ඔව් තිසෙන්දි නෝනා ආපහු ගෙදර ආවා.අනික් හැමෝම කුඹුරෙ, ලොකු හාමු,සහශ්‍ර ලොකුහාමු, සුදු බේබි,විහස් මහත්තයා ඔක්කොම. මන් ලොකු නෝනා කියපු විදිහටම කුඹුරට යන්න ලෑස්තිවුණේ දවල් කෑම හදාගෙන. තිසෙන්දි නෝන නම් ඉතින් ඕවට කැමති නෑනේ ඒ නිසා එන්නෙ නැහැලු යන්න.මමයි ලොකු හාමිනෙයි කුඹුරට ගියා. සුදු බේබී මන් නිසා පුංචි බේබිව කුඹුරට එක්ක ගියා.මට හිතෙන්නෙ එයා කැමති නෑ මන් රෝසමල එක්ක ඉන්නවට.
මන් කල්පනා කර කර ලොකු නෝනා පස්සෙන් දන්නෙම නැතුව කුඹුර ළගටම ඇවිලා.ලොකු නෝනා ගොයම් කපන්න ආපු හැමෝටම කෑම බෙදද්දි මන් එතන පැත්තකට වෙන්න තිබුන ගලක් උඩ ඉදගෙන එතනට ලස්සනට පේන කදු දිහා බලන් හිටියා. දැන් අවුරුදු ගානකට කලින් මේ විදිහටම දවසක මන් මේ ගල උඩම කොච්චර සතුටින් ඒ කදු දිහා බලන් හිටියද , ඒත් දැන් හැම දෙයක්ම වෙනස් වෙලා.එදා හිටපු මමමද මෙතන මේ විදිහට ඉදන් ඉන්නෙ කියලා මටම හිතෙනවා.ඒ කටකාර දගබෝලයක් වගේ කියලා හැමෝම කියන , හැමදාම හිනාවෙලා ඉන්න ඒ හුරතල් කොල්ලා අද නිහඩ චරිතයක් වෙලා.
YOU ARE READING
අහිමි මතක (Taekook Nonfanfiction)
Non-Fictionමන් මේ හිතට හරි ආදරෙයි මහත්තයො.ඒත් මන් මේ වලව්වෙ වැඩකාර කොල්ලා.මන් මගෙ මහත්තයට ගැලපෙන කෙනෙක් නෙමෙයි.අනේ මට සමාවෙන්න මහත්තයො. සදහිරු මට උබ කවුරු වුණත් වැඩක් නැහැ.මට ඕනේ උබ විතරමයි.මේ දේවරාජ පොඩිහාමු ආදරේ කරන්නෙ සදහිරු කියන රෝසමලට විතරමයි. අභීශේක්