දොළොස්වන කොටස

244 56 33
                                    

Author pov:

එදා එදිරිමාන්න ඇමති වලව්වට ඇවිත් ගිය දවසෙ ඉදන් ගොඩක් දේවල් වෙනස් වුණා. සුදු බේබී එයාගේ සදූ එක්ක කතා කළෙත් නෑ. සදූ එයාගෙ සුදු බේබී එක්ක කතා කළෙත් නෑ. ඒත් දේවරාජ පොඩිහාමු කියන්නෙ ඉවසීම කියන දේ පොඩ්ඩක්වත් තියන කෙනෙක්නම් නෙමෙයි. කොච්චර උත්සහකළත් නපුරු කුමාරයට බැරි වුණා එයාගේ ලස්සන කුමාරිකාව අල්ලගන්න. ඔව් සදහිරු මේ දවස් ටිකේම කළේ සුදු බේබීව මගහැරපු එක. තවත් මේක ඉවසන් ඉන්න බැරි තැන අභිශේක් තීරණය කරා දෙකෙන් එකක් විසදගන්න.ඉතින් උදෙන්ම නැගිටලා සුදු බේබී උදේ පාන්දරම කිරි බෝතල් ගේන්න කන්දෙ කඩේට යන කොල්ලව අල්ලගන්නයි ලෑස්තිය. ලොකු හාමු මහත්තයට තේරුණත් මේ කොල්ලා දෙන්නා විරසක වෙලා කියලා එයා දන්නවා දෙන්නගෙ හැටි පොඩි කාලේ ඉදලම ඔහොමයිනෙ කියලා ලොකු හාමු ඒක එච්චර ගනන්ගත්තෙ නෑ. ඒත් එතන ඊට වැඩිය දෙයක් තිබුණා මොකද පොඩි කාලේ රණ්ඩු වුණේ යාළුකමට වුණත් දැන් යාළුකමට එහා ගිය බැදීමක් එයාලා අතර තිබුණා. අන්න එතනයි ලොකුහාමුට වැරදුණේ.

අභිශේක් දැක්කා සදහිරු යන්නයි ලෑස්තිවෙන්නෙ කියලා. ඉතින් කොල්ල ගෙදරින් එළියට බැහැල ටිකක් ඈතට යනකන් දොරකඩට වෙලා බලන් හිටිය අභිශේක් පුංචි කොල්ලා පස්සෙන් යන්න පටන් ගත්තෙ හැමදේම විසදගන්න බලාගෙන.මීදුමින් වැහිච්ච ලස්සන පාරක් දිගේ සුදු බේබී තමන් පස්සෙන් එන බව නොදැන පුංචි සදූ ඇවිදන් යනවා. ඒත් ටික වෙලාවකින් ඇහෙන ගැඹුරු කටහඩක් නිසා එතනම නවතින්නෙ කරගන්න දෙයක් හිතාගන්න බැරුව. සදහිරු හොදින්ම දන්නවා ඒ කටහඩේ අයිතිකාරයා කවුද කියලා.එයාට තිබුණා නැවතෙන්නෙ නැතුව දිගටම ඉස්සරහට ඇවිදන් යන්න. ඒත් මොකක්හරි හේතුවකට එයාට එහෙම කරන්න හිතුනෙ නෑ. ඉතින් නැවතිලා ඉන්නවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.

අභිෂේක් බලන් හිටියා සඳහිරු එයාගේ පැත්තට හැරිලා බලයි කියලා.ඒත් එහෙම නොවුන නිසා අභිෂේක්ට ටිකක් විතර කේන්ති ගියා. දවස් ගානක් කතා නොකර ඉඳලා මෙහෙම කරද්දි තරහ නොගන්න එක අභිෂේක්ට කරන්න අමාරු වැඩක් මොකද දේවරාජ පොඩි හාමු කියන්නේ ඉවසීම කියන දේ ඩිංගක්වත් තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් තවත් ඉවසන්න බැරි තැන අභිෂේක් සඳහිරුගේ ළඟට ගිහින් උරහිස්වලින් අල්ලලා එයාගේ පැත්තට හරවගත්තා.
අභිෂේක්ගෙ ඇස් දෙක දැක්කට පස්සේ සඳහිරුට ගොඩක් බය හිතුනා. ඒ ඇස් ඒ තරම්ම නපුරු පාටයි. එයා දැනගත්තා වෙනදට වඩා සුදු බේබිට අද ගොඩක් කේන්ති ගිහින් කියලා. ඒත් ආයෙම එදා එයාගේ සුදු බේබි කියපු දේවල් මතක් වෙද්දි සඳහිරු හැදුවේ සුදු බේබිගේ දරදඬු අත්වලින් ගැලවිලා දුවලා ඈතකට යන්න.ඉතින් සඳහිරු සුදු බේබිගේ අත් වලින් ගැලවිලා යන්න හැදුවත් එයාට ඒකට ඉඩක් ලැබුනේ නම් නැහැ.මොකද සදහිරුට වැඩිය සුදු බේබි ගොඩක් ශක්තිමත්. සඳහිරු ඒ කරපු වැඩේ නිසා සිද්ධ වුණේ සුදු බේබීගෙ තරහ තවත් ඇවිස්සුන එක විතරයි.

අහිමි මතක (Taekook Nonfanfiction)Where stories live. Discover now