🍃 Chapter 04 🍃

1.3K 263 7
                                    

Taehyung's POV

ජංකුකී........ ඉස්සර මගේ චූටි හා පැටියා......
එයා මගේ ඉස්සරහා අවුරුදු ගානකට පස්සෙ.......

"හි..... හියුං......."
මගෙ ඉස්සරහින් ඇහුන චූටි කටහඬ මාව මේ ලෝකෙට අරගෙන ආවා.

"කුකී........"

මගෙ කටහඬ එලියට එනවත් එක්කම ජංකුක් දුවගෙන දුවගෙන ගිහින් ඇවිත් මාව බදා ගත්තා.
"හියුං..........."

මට දැනුනා මගෙ ටී ෂර්ට් එක තෙමෙනවා වගේ. මගෙ කූ අඬනවා..........!?

"පැටියෝ ඇයි අඬන්නෙ........????"
මං ඇහුවෙ මට ඒ ඇස් වලින් වැටෙන කඳුළු බලං ඉන්න බැරි නිසා.

"මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න හියුං"
කුකී මාව තද කරලා බදාගෙන හොඳටම ඇඬුවා.
" ටේ ටේ හියුං, කුකී මිස් යූ සෝ මච්"
අන්තිමට කොල්ලා කිව්වා.

"මටත් කුකී. මටත් මගේ හා පැටියව ගොඩක් මතක් උනා"
මාත් කිව්වේ කුකීව තවත් ටිකක් තුරුල් කර ගන්න ගමන්.

"හියුං ඇයි හියුං මාව බලන්න ආවෙ නැත්තෙ....!?"
එයා ඇහුවෙ හුඟක් දුකින්.

"කුකී මට......., මං හිතුවෙ ඔයාට මාව දැං අමතකත් වෙලා ඇති කියලා"
මං කිව්වේ බිම බලාගෙන.

"ඔයා කොහොමද හියුං හිතුවෙ මට මගේ තේ තේව අමතක වෙයි කියලා"
කුකී කිව්වෙ අඬන්න වගේ.

"අනේ කූ......"
මං එයාව ආපහු තුරුළු කර ගත්තා..... තවත් තදින්.......

"හැබැයි දැන් ඉතින් අවුලක් නෑ. දැන් මගේ හියුං මං ගාවම ඉන්නවනෙ"
එයා මගේ තුරුලෙන් ඈත් වෙලා කතා කරන්න ගත්තා.
"දැං අපි දෙන්නට හැමදාම එකට ඉන්න පුළුවන්.... මං ආයෙත් නං හියුංට කවදාවත්ම යන්න දෙන්නේ නෑ මාව දාලා"

මගෙ කොල්ලගෙ ඇස් දෙක සතුටින් දිලිසෙනවා. අනේ මගේ කුකී...... එයා කොච්චර නං සතුටින් ද........
මං මොකටද එයාව දාලා ගියේ..... මට මං ගැනම ඇති උනේ ලොකු කලකිරීමක්.
අදින් පස්සේ ඔයාගේ සතුට හැමදාටම ඔයත් එක්කම ඉඳී කුකී......
මං පොරොන්දු වෙනවා.......

"අයි ලව් යූ මගෙ කුකී මැණික....."

"අයි ලව් යූ ටූ හියුං......."

~ To be continued 🐯🐰











( A/ N : කෝමෙයි කතාව 😋 )

𝙄 𝙡𝙤𝙫𝙚 𝙃𝙞𝙢 ( Completed ✅ )Tahanan ng mga kuwento. Tumuklas ngayon