🍃 Chapter 05 🍃 - Final

1.6K 258 30
                                    

Taeha's POV
.
.
.
.
.
.
.
.
.
.
.
.
Years passed

මං ඉන්නේ අපේ යුනි එකේ අපි ඉස්සර වාඩි වෙලා ඉන්න පුරුදු වෙලා හිටපු බෙන්ච් එකේ වාඩි වෙලා.
අවුරුදු ගානක් ගෙවිලා ගිහිල්ලා........ කාලෙ කොච්චර නං වෙනස් වෙලාද......

මගෙ කුකීයි තේයි මැරි කරලා එයාලා දැං ඉන්නෙ USA වල. ඒ දෙන්නට කූ වගේම චූටි ට්වීන්ස්ලා දෙන්නෙක් ඉන්නවා. දැන් මගේ පැටියා එයාගේ ආදරෙත් එක්ක හුඟාක් සතුටින්. මට මගේ කුකී ගැන ආඩම්බරයි. ඒ වගේම තේ ගැනත්. ඒ දෙන්නා හරිම ලව්ලි කපල් එකක්......

එතකොට අපේ ලව් බර්ඩ්ස්ලා තුන් දෙනා.... චිමී, හොබි ඔප්පා & යුන්ගි ඔප්පා.... එයාලා ගිය අවුරුද්දේ මැරි කලා.
ඒ තුන්දෙනා නං තාම ඉන්නෙ කොරියා වලමයි.

දැන් ජින් ඔප්පටයි ජුනී ඔප්පාටයිත් ඉන්නවා චූටි කටකාර කෙල්ලක්. ජින් ඔප්පා වගේමයි එයත්. මොනවා උනත් හැබැයි නියම කට. පව් අසරණ ජුනී ඔප්පා. කොල්ලගේ කන දැං නැතුව ඇති එයාගෙ දුවගෙයි හබීගෙයි කටවල් වල සද්දෙට 🤭.

මේ බෙන්ච් එකේ වාඩි වෙලා ඉන්න ගමන් මං නිකමට කල්පනා කර කර හිටියෙ ඒවා ගැන. මං යුනි එකට ආවෙ මේකෙ සෙරමනි එකක චීෆ් ගෙස්ට් විදිහට. හ්ම්ම්ම් මං දැන් කොරියාවේ හොඳ බිස්නස් වුමන් කෙනෙක්. ඒ ගැන නං මට සතුටුයි........

මගෙ ඇස් වලට එකපාරටම කඳුලක් ආවෙ මගේ one sided love එක මතක් වෙලා...... අනිත් හැමෝගෙම ආදර කතා සතුටින් ඉවර උනත් මගේ කතාවට නම් තියෙන්නේ වේදනාකාරී අවසානයක්..... ෂින් ඔප්පා........, එයා යුනි එකෙන් අවුට් වෙලා Australia ගියා. එදායින් පස්සෙ අද වෙනකං මං එයාව දැකලා නෑ. කමක් නෑ මට දුකක් නෑ අඩුම ගානෙ එයා සතුටින් හරි ඇතිනෙ කාත් එක්ක හරි........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
බෙන්ච් එක වටේ බිම වැටිලා තියෙන චෙරි මල් පෙති දිහා බලාගෙන ඉඳිද්දි මට ඇහුනෙ ගොඩක් හුරු පුරුදු කටහඬක්.....
මට කවදාවත් ඒ කටහඬ නං අමතක වෙන්නේ නෑ.

"තේහා..... මේ ඔයාද........!?"

මං ඒ පැත්තට හැරුනෙ මං හිතපු දේ ඇත්තක්ද කියලා බලන්න.

ඔව් ඒ ෂින් ඔප්පා..........

"ඔ....ඔප්පා..... ඔයා........ මෙහෙ..........!?"

"ඔව් ඇයි අපිට එන්න බැරිද"
ඔප්පා එයාගේ අර වශී වෙන හිනාව දාලා කිව්වා.

"අනී ඔයා කොහොමද මෙහෙ ඉන්නෙ..... මං නං හිතන්නේ මේක හීනයක්......"
මං මගෙ අතත් කොනිත්ත ගත්තෙ මේ දවල් හීනෙන් ඇහැරෙන්න ඕනෙ නිසා.

"යාආආ මැට්ටි මේක හීනයක් නෙමෙයි"
මං කරපු වැඩේට හිනා වෙවීම ඔප්පා ඇවිත් මගෙ එහා පැත්තෙන් වාඩි උනා.

ඔව් මේක හීනයක් නං නෙමෙයි.
"එ..... ඒත් ඔප්පා ඔයා මෙහෙ.......!?!?!?!?"

"නිකං ආවෙ සෙරමනි එකට. ඔයත් එනවා කියලා ආරන්චි උන නිසා"
එයා එහෙම කියලා මගේ දිහා බැලුවා, මාත් එයා දිහා බැලුවා.

"මං නිසා..........!?!?!?"

"ඔව් මට දෙයක් කියන්න තියෙනවා නේ. අවුරුදු ගානක ඉඳන් මේකට බලං හිටියේ"
එයා කෝට් එක ඇතුලෙන් රෝස මලක් එලියට ගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අන්තිමට එහෙනම් මගේ කතාවත් සම්පූර්ණ උනා.........

මං එහෙම හිතුවෙ මගේ එහා පැත්තෙන් හිටපු ඔප්පගෙ අත් තව ටිකක් තද කරලා මගේ අතේ පටලව ගන්න ගමන්.........🙂

~ The End🐯🐰

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~ The End🐯🐰











( A/N එකක් ඇත 😉 )

𝙄 𝙡𝙤𝙫𝙚 𝙃𝙞𝙢 ( Completed ✅ )Where stories live. Discover now