ආසි 7 ♠️

691 127 42
                                    

"මම යන්නද...."

කොල්ලා අහනවා මගෙන් යන්නද කියලා....ඉන්න කියන්නෙ කොහොමද උබට ....බයයි මගේ කාලකණ්ණි කම නිසා උබට දුක් විදින්න වෙය් කියලා.....ඒ ඇස් වල කදුළු පුරෝගෙන අහද්දි මම අහක බලා ගත්තා...උබව මට අයිති නෑ අයිතිකරගන්න ඕනෙත් නෑ ආදරේ විතරක් කලාම ඇති ඒකත් උබටවත් නොදැනෙන්න....

මගේ දිහාම බලාගෙන ඉදලා කොල්ලා ගියා "පරිස්සමෙන් ගිහිං එන්න" මම හිතින් කිව්වෙ කොල්ලා ආයෙ එනවා කියලා නොදැන නෙවෙයි....' මට උබව ඕනෙ 'කියන වචනෙ කියාගන්න බැරි කමට....

උබට ඇත්ත කියලා බාරගන්න තිබ්බා මහත්ත්යෝ උබත් මට ඇත්තම කිව්වානන්....ඔය පෙන්නන් චරිතෙ නෙවෙයි උබෙත් තියෙන්නෙ....දැකපු දවසෙමයි මම ඒක අදුරගත්තෙ.... බූරුවා කොලේ දන්නෑ කියලා කටින් කිව්වට කොල්ලෙක් දැක්කම මගේ පස්සෙන්ම වැටුණට උබේ ඇස්වල හැංගිච්ච ඒ තැලිච්ච පොඩි වෙච්ච හංගගත්ත පිරිමි කම මං නොදැක්කා නෙවෙයි....උබ කවුද කියලා මම දැනගත්තෙ මගේ ඉස්සරහට ආපු දවසෙමයි....ඒත් මම ඉවසුවා බලන් ඉදියා... උබ මොකටද ආවෙ මොනාටද ආවෙ කියලා දැනගෙනත් ඉවසුවා....

වෙන එකෙක් ඔහොම කලා නන් උගෙ පරම්පරා හතකට යහතින් ඉන්න ඉඩ තියන් නැති මම ඉවසුවා.... සමහර විට ඒ උබව දැක්කම මට මාවම මතක් වෙන නිසා වෙන්න ඇති..... වැරැද්දක් වුණේ උබටත් අයිතියක් නොදන්න තැනක හිත නතර කරාට.....ඇයි එහෙම කලේ කියලා අහන්න ඕන මට ...කෑගහලා අහන්න ඕන....ඒත් මම බයයි...මම බයයි උබේ දෙබිඩි චරිතෙ වගේම මේ ආදරෙත් බොරුවක්ද කියලා....

කුඩුකාරයො ගංජාකාරයො පාතාලකාරයො උපතින්ම ඒවා අරං ආවෙ නෑ....අපි හැදිච්ච පරිසරේ එක්ක රට්ටු අපි නොදැන අපිට දීපු උප්පැන්න ඒ....ඇය් සංස්කෘතිය උඩ දාගෙන අරගල කරන එව්න්ට බැරි ඇයි අපිට මෙහෙම වුණේ කියලා එක පාරක් අහන්න..... පච්ච ගහලා කොණ්ඩෙ පාට කරලා රැවුල වවපු කොල්ලෙක් දැක්කත් අවුරුදු පහේ හයේ පුංචි කෙල්ල එහාට දාලා අම්මා හිටගන්නවා....මොකටද  # මං ඉන්නකන් මගේ කෙල්ලට අත තියන්න දෙන්නෑ කියලද....# නැත්තං උබේ කෙල්ලව අපි උස්සන් යයි කියලද..... තිරිසන්නු ඇති ඒත් එහෙමයි කියලා හැමෝම එකම ගොඩට දාලා කතා කරද්දි අපිට අසාධාරණයක් නෙවෙයි ද වෙන්නෙ..... අවුරුදු පහක හයක කෙල්ලෙක් දැක්කම උස්සගෙන ගිහිං ගහන්න තරං අසහනකාරයො නෙවෙයි අපි ....ඒත් අපිට එහෙම හැසිරෙන්න වෙලා.....

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now