ආසි 12 ♠️

523 108 35
                                    

අමුතු සීතලක් මගේ ඇදට එහා පැත්තෙන් එනවා වගේ දැනෙද්දි මම ඇස් ඇරියා...සීතලකට වඩා මුළු කාමරේම තිබුණෙ ඉස්පිරිතාල ගදක්. ජනේල වහලා තියෙද්දි සීතල එන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට වඩා මට දැණුනෙ කාමරේ ඇතුලෙන් එන්න එන්න දැනෙන අමුතු ගද...

"කවුද ඔතන...

කතා කරනවා කවුද ඔතන...."

නෑ උත්තරයක්...තාමත් නිශ්ශබ්දයි...ඇදෙන් නැගිටින්න නන් එයාගෙ අත මගේ ඇග උඩින් අයින් කරන්න වෙනවා...ඒත් මේ රෑ එයාව අවදි කරන්න මට හිතුණෙ නෑ...පව් නිදාගෙන ඉද්දි අහිංසක පාටයි....

මම නැවිලා එහා පැත්තෙ නිදාගෙන ඉන්න ආසිගෙ නළලට සොෆ්ට් කිස් එකක් දුන්නෙ ආයෙම හාන්සි වෙන්න හිතාගෙන...ඒත්

"කවුද ඔතන ....ඇහෙන්නෙ නැද්ද..."

මට එකපාරම මගේ පිටිපස්සෙන් කවුදෝ ඉන්නවා වගේ දැණුන නිසාදත් මන්දා මට කෑගැහුණා....පිටිපස්ස හැරිලා බලද්දි කවුරුත් ඉදියෙ නෑ....

"ශේර් තමුසෙට පිස්සුද.... නිදාගන්නවා ගිහිං...."

මගේ හිත මටම කෑගහද්දි මම ආයෙත් ආසි දිහා බැලුවා...එයා තාමත් නිදි....හිත මොනවා කිව්වත් මට ආයෙම නිදාගන්න තරං හිතක් තිබුණෙ නෑහ්....ආසිගෙ අත හෙමීට එහාට කරලා සද්දයක් නැති වෙන්න මම ඇදෙන් බැහැලා කුස්සියට ආවා....

කවුදෝ මගේ පිටිපස්සෙන් එනවා වගේ දැණුන නිසාම මම ඔක්කෝම ලයිට් දාලා මුළු ගෙදර සෝදිසි කලා....අඩුම තරමෙ ආච්චි වත් ඇහැරිලාද බලන්න..ඒත් නෑ එයත් නිදි හොදටම....

"මනස්ගාත...."

මටම කියාගන්න ගමන් මම ෆ්‍රිජ් එකේ දොර ඇරලා වතුර බෝතලයක් ගත්තා...වතුර විතරක් නෙවෙයි ගේ ඇතුලත් එක්කම සීතලයි...කටට ගත්තු වතුර උගුර බඩ පපුව ඔක්කෝමත්  එක්කම හෝදගෙන යන්න තරං සීතලක් තිබුණෙ....මම එහෙමම මූණත් හෝදාගෙන ආයෙ ගියේ කාමරේ දිහාවට යන්න හිතාගෙන...ඒත් සාලෙ ඇතුලෙන් යද්දි මම නැවතුණා.නැවතුණා නෙවෙයි නවත්තගත්තා . මම කැබිනට් එක උඩ තිබුණ මගේම මගුල් දවසෙ ගත්තු ඒ පින්තූරය අතට ගත්තා.දකින ඕනම කෙනෙක්ට ආස හිතෙන විදිහෙ ඕනම කෙනෙක් තමන්ටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ලස්සන හුරුබුහුටි කෙනෙක් එයා....

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now