ආසි 13 ♠️

517 101 57
                                    

"ආස්යා නවතිනවා ඔය කරන්නෙ හොද දෙයක් නෙවෙයි..... පසුතැවෙන්න වෙයි තමුසෙට..."

මගේ වෙව්ලන තොල් වලට එච්චර හයියක් ආවෙ කොහොමද කියලා මට තවත් හිතාගන්න බැරි වුණා...අත පය ගල් වුණත් හදවත ගල් නොවී තිබුණු එක මට සැනසීමක් වුණා....

ආස්යා නැවතුණා...මගේ වචනෙට නෙවෙයි එයාගෙම උවමනාවට..ඒ ඇස් වල තිබුණා ඒ බැල්ම .මං කියන දේ කියපු ගමන් අහන ආස්යා තව දුරටත් ඉදියෙ නෑ. කොටින්ම ඒ ආස්යා නෙවෙයි අහිමි වෙච්ච ආදරෙන් පිස්සු හැදිච්ච ගෑනියෙක් විතරයි. ඒ ආත්මයක් කියලා පිලිගන්න මගේ හිත තාමත් සූදානම් නෑ..

"මම නවතින්න ඉඩ තිබුණා අවුරුදු කීපෙකට කලින් තමුන් කියපු හැම දේම ඇස් වහගෙන විශ්වාස කරපු මෝඩ කෙල්ල වුණා නන්. ඒත් තවත් තමුන්ව විශ්වාස කරන්නවත් තමුන් කියන දේවල් අහන්නවත් මම බැදිලා නෑ....මට නෙවෙයි තමුසෙටයි පසු තැවෙන්න වෙන්නෙ"

ආස්යා එයාගෙ කළු ඉංගිරියාව යාන්තමට වගේ පෙවුණු හීනි ඇස් තවත් හීනි කරලා මගේ මූණට ලං වෙලා කියාගෙන කියාගෙන ගියා...එයාගෙ දිගට වැවිච්ච උල් නියපොතු මගේ මූණ පුරාම දිව්වා... හැබැයි හීරිමක් වත් නොකර....ආයෙත් එයා මගෙන් අයින් වුණා...

"ආස්යා මම මොකද්ද කරපු වරද මේ තරං මට වෛර කරන්න...."

එයාගෙන් දැනිච්ච සීතල එක්කම මගේ හඩ බාලවුණා.

"මම තමුසෙට වෛර කරන්නෑ පිළිකුල් කරනවා විතරයි... අප්පිරියාවක් විතරයි මට තියෙන්නෙ දැන්..."

චිත්‍රපටියක හිතපු නැති වෙලාවක වැදිච්ච පහරකින් අඩපණ වෙන දුෂ්ටයාට වඩා ඒ වෙලාවෙ මම අසරණ වුණා...මට වෛර කරන්න හේතු දාහක් එයාට ඇති.. මම එයාට හොද සැමියෙක් නෙවෙයි හොද පෙම්වතෙක් නෙවෙයි අඩුම තරමෙ එයාට ඕනෙ කරපු ලිංගික අවශ්‍යතාවත් හරියට මගෙන් ලැබෙන්න නැතුවැති...ඒත් එයා මට ආදරේ කලා...ලෝකෙ තිබුණු හැම දේටම වඩා.. අඩුම තරමෙ ඒ ආදරේට  හරියන සාධාරණයක් කරන්න වත් මට බැරි වුණා.

ආදරේ කරලා පන්නගෙන ඇවිත් ජීවත් වෙන කපල් වලට අඩුම තරමෙ මාසයක් දෙකක් යනකං වත් හීන මාලිගා ඇතුලෙ ජීවත් වෙන්න පින තියනවා...එතනින් එහාට පොලවෙ පය ගහලා ජීවත් වෙද්දි තමන් ගත්ත තීරණේ ගැන ගොඩක් එවුන් පසු තැවෙනවා...ඒත් ආස්යා....

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now