හිමින් නුඹ ඇවිත් හිද
පිච්චමල් සුවද ගෙන
හිතම මගෙ වෙන් උනා
තත්පරෙන් උඹ නමට
උදේ පිනි හිසින් ගෙන
දිගු නයන විඩාබර
මිමිණුවේ හිමින් මට
අන්සතුයි අනේ උඹ!
නිල්පාට අක්බමරු
කෙස් වැටිය විදාගෙන
පුළුළුකුළ කැපෙන්නට
සාරියත් ඔතාගෙන
ලැම හංස තුඩු අවදි
වෙයි මැනිකෙ බලාගෙන
ඇයි අනේ වාඩි උනෙ
මට එහා පැත්තෙ උබ!!
මගෙ හිතත් මගෙ ගාව
නැති අදුරු වෙලාවක!
ලෙච්චමී නැවතුමක් නොවිනම්
අපේ මේ ගමන් මග
විඩාබර නොවෙන්නට තිඹුනා
මා තනිව යන ගමන..
කටුක රළු පදුරු මැද
මා තනිව යන ගමන
එක්කො උබ ඕන නෑ
අන්සතු ම මලක් උබ..
හෙවනකම දිවිය උබෙ
ගෙවීයන් පින්න මල
පැතුම ඒ ආගන්තුක
මගෙන් නම නොදත් උබට!
-TJ-