☘ending☘ - 07

365 68 22
                                    

තත්පර කිහිපයක් ඇස් ඉදිරිපිට ඇති පුවරුව දිහා බලන් හිටපු ඔහු තරමක් බර හුස්මක් හෙලලා ගොලනැගිල්ලක් ඇතුලට ගොඩ උනා.

මානසික රෝහල

ජින් ගිහින් 1094 අංකය සහිත කාමරය අසලට ගිහින් දොර ඇරියා. ජන්කුක් යමක් මුමුණමින් සුදු පාට කාමරයෙ බිම වාඩිවෙලා වෙලා බිත්තියට ගුලි වෙලා හිටියා.. ජින් බිත්තිය දිහා බැලුවා ම දැක්කෙ බිත්තිය පුරා ම ලියලා තිබ්බ වාක්‍ය ඛණ්ඩයක් විතරයි..

මම ජිමින් හියුන්ග් ව මැරුවා.

ඒ වචන.. ඇත්තට ම ඒක තමයි ජන්කුක්ගෙ අන්තිම වචනෙ.... එදා ජිමින් සදහට ම ඇස් පියා ගත්තත් ජන්කුක් තමන්ගෙ ජීවිතය බේරා ගන්න සමත් උනා. එයාගෙ තත්වය ගොඩක් අසාධ්‍ය උනත් ඩොක්ටර්ස්ලාට පින් සිද්ධ වෙන්න ජන්කුක් හොද උනත් එයාගෙ මනස වෙනම විදියකට හැඩ ගැහෙන්න ගත්තා.. අන්තිමේට ජන්කුක් පිස්සෙක් උනා

ඒ වදන මුමුනමින් හිටපු ජන්කුක් ලගට හෙමින් හෙමින් ජින් ලංඋනා.

ජන්කුක්ගෙ තත්වය දැක්කා ම ජින්ගෙ හදවතට පිහි තුඩකින් අනිවා වගේ දැනුනෙ. ඒ වගේ ම ජිමින් ගැන ජන්කුක්ගෙ හැගිම් ගැන ජින් නිතර ම වගෙ දැනගෙන හිටියා. ඒ වගේ ම දැන් එයා පසුතැවෙනවා... එයාට එයාග්ස් පොඩි උන් දෙන්නාට මුකුත් කරගන්න බැරි උනි එකට...ජින්ට ලොකූ වරදකාරී හැගීමක් දැනුනා.

ඒත් ජන්කුක් ජින් ව දැක්කා ම චුට්ටක් වෙලා ජින් දිහා බලන් ඉඳලා අඩ අඩ තමන්ගෙ කොන්ඩෙන් ඇද ගන්න ගමන් තමන්ගෙ ඔලුව ට ගහගත්තා..

ඒත් එක්කම දුවගෙන ආපු ඩොක්ට හන් ජන්කුක්ව සන්සුන් කරන්න තැත් කලත් සන්සුන් නොවූ තැන හන්ට සිද්ද උනා ජන්කුක්ට එන්නතක් විදින්න..

ඒ ඩ්‍රග් එකේ බලපෑමෙන් ජන්කුක්ගෙ පියවි සිහිය ටිකෙන් ටික ඈත් වෙලා යන ගමන් ගැඹුරු නින්දට වැටෙන හැටි ජින් බලන් හිටියෙ පපුවෙන් දැනෙන අමුතු වේදනාව යටපත් කරගෙන..

____________________________________

ආශ්...මට මේක දැනෙන්න ලියන්න තේරෙන්නෙ නැ.....😐

🄴🄽🄳🄸🄽🄶  ┃𝕁𝕀𝕂𝕆𝕆𝕂┃ ✅✅Where stories live. Discover now