01කොටස

340 32 0
                                    

හෙනම ආතල් එකෙ මන් විසිල් එහෙකුත් ගහගෙන ගෙදර ආවේ අද ලොනාරා එකෙදි දැකපු ඉන්ග්ලිශ් මිඩීයම් මැත්ස් කෙල්ලගේ මුහුණ මතක් වෙලා.අම්නා ඉතින් එ මූණ.කේශ කල්‍යාණිය ගස්සලා දාලා ගිහින් ආයෙ පිටිපස්ස හැරිලා ඇහැක් ගැහුවා..

වැඩේ කියන්නේ මන් එකීට රැව්වනේ.දැන් වැඩක් නැ මිස්ටර් සහින ඕක අමතක කරපන්..

'මල්ලිකා..මල්ලිකා..ඔයාට තේරෙන්නේ නෑ'

ගේට් එක ලගට යද්දි තමා මන් දැක්කේ වැරැන්ඩා එකෙ ඉදන් අර හැත්තෑව දශකයේ සින්දුවක් වුනු මල්ලිකා සින්දුව ගායනා කරන ගමන් එහා ගෙදර තාප්පෙට එබෙන අපේ ලොකු අයියව.අම්මපා යකෝ බැදලා ළමයි තුන්දෙනෙකුත් ඉන්න මිනිහා නේද මෙ එහාගෙදර පනස් පහේ මල්ලිකා ඇන්ටිට පැණි හලන්නේ...? බේසික අයියන්ඩිය.

'අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවෙදො අහසේ
හද අල්ලන්න ආස ගමනේ'

මමත් ඉතින් නට නටා හොද සින්දුවක් කියන ගමන් ඇවිත් අයියන්ඩිගෙ බෙල්ල අස්සෙන් ඔලුව දාලා බැලුවේ මල්ලිකා ඇන්ටි කෝ කියලා.අපෙ එකා ගෙදර ඉද්දි කරන්නේ ඔය සින්දුව කියලා මල්ලිකා ඇන්ටිව අවුස්සන එක.එහා ගෙදර වුනාට මොකද අපිත් එක්ක නයි වයිර තිබුනේ..

මල්ලිකා ඇන්ටි ඉන්නවා අත් දෙකත් තියාගෙන මේ මොනුත්තක් ද අයියායි මල්ලියි කරන්නේ වගේ ලයින් එකෙ..

මගේ පස්සට කොසු මිටකින් වැදෙනවා දැනෙද්දි තමයි මන් කිය කියා හිටපු සින්දුවත් නවත්තලා බැලුවේ මට නෙලුවේ කවුද කියලා.අයියත් පස්ස අත ගගා බැලුවා.නොසිතූ වෙලෙක නොසිතූ ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ වෙන කවුරුත් නොව අප අයියාගෙ ආදරණීය වයිෆ් පොඩ්ඩ.අපෙ අයියගේ 'ප්‍රාතිහාරී' තමා ඉතින්.....ශානූ අක්කා..

'අයියා මලෝ නාකි ගෑනු ටෝක් කරන්නැතුව යනවා ගෙට..අම්මපා චුටී ආවා විතරයි නේද? බෑග් එකත් කරේ දාගෙන අයියට සපෝට් කරන්නේ..'

අක්කා ආයෙ පාරක් කොස්ස උස්සද්දි අපෙ එකා මන් අස්සේ හැන්ගුනා.ගැණිට මුගෙ තියෙන බය යකෝ.මන් ඉතින් හෙනම ගැම්මෙන් කොන්ද කෙලින් තියන් ඉන්න ඉද්දි තව කොසු පාරක් සෙට් වුනු නිසා තමයි මන් අයියව දාලා පැනලා ගෙට දිව්වේ..

BROKEN WINGS |BLWhere stories live. Discover now