03 කොටස

141 24 5
                                    

'සෙහෙස්නර....'

'ඕ කියන්න හලෝව්ව්..'

'.....'

මන් මින්සස්ගෙයි මගෙයි පැටලුන ලණුවක් ලෙහනගමන් හිටියේ.කගවේනා වගේ එන්න ඇවිත් මගේ කලිසමේ මින්සසාගෙ අතක් පැටලුනා.ඒ අස්සෙ මයුර අයියා කතා කරනවා.මොනා උනත් මූ කතා කරද්දි ඔක්කොමලා සද්ද නැතුව ඉන්නවා.දැක්කද මහ ප්‍රිෆෙටා අයියගෙ බලේ.අපි නම් බය නෑනේ ඕවාට.කොයිවෙලෙත් කෑගහගෙන ඉන්නෙ බය නැති නිසාමයි.හැබැයි මෙහෙමයි....බය වෙලාවලුත් තියෙනවා.

'කියන්න හලෝව්...'

'නැහැ නැහැ නිකන් කතා කරේ...'

'චූන් එකට කතා කරන්නෙපා හරිද..තාර පැටියට කේන්ති යනවා...ම්හුක්..'

මයුර අයියා ළාවට හිනා උනා.ශෙනෙත්ම අයියත් මයුර අයියා දිහා බලන් හිනාවෙලා මන් බැලුවා දකිද්දිම අහක බලා ගත්තා.අම්නේ කපල් එකට ලැජ්ජා හිතිලා.අන්තිමේ මින්සස්ගේ අතේ තිබුනු කොක්කයි මගෙ කලිසමෙ නූලයි දෙකම ගලවන්න ඉදිරිපත් වුනේ දෙවන්ම අයියා.අන්තිමේ ඒකත් ගලෝගෙන මන් ගිහින් අපෙ අයියන්ඩිගෙ හෙවත් මගෙ බයික් එක බදාගෙන උම්මා එකකුත් දීලා ගිහින් මයුර අයියගෙ බයික් එකට නැගලා පිටිපස්සෙන් අල්ලගත්තා.එයාව නම් අල්ලන්න ගියේ නැහැ.ශෙනෙත්ම අයියත් බයික් එකට නැගලා අපි දෙන්නා දිහා බලන් හිටියා.

'ඕන් ඕකාව අල්ලගනිම් යකෝ.උබට නම් මොන යකෙක් ගහලද මන්දා සහින...'

'සැහ්ක් සැහ්ක් එහෙම බෑ..පස්සෙ මට නඩු වැටුනොත්.'

'වැටෙනවා අහවල් එක තමා..මයුර උබ ටිකක් වේගෙන් පලයන් එතෝට ඕකාට ගහපු යකා බහී නේ..'

'අනේ රත්තරන් මේ වේගෙන් යන්න නම් එපා...'

මයුර අයියා වචනයක්වත් කිව්වේ නැහැ.මන් හිටපු ඔක්කොටම බායි කියලා ඉවර උනාට පස්සෙ එයා ගේට් එකෙන් එළියට බයික් එක දැම්මා.මට ඇහුනා සශේනුයි දෙවන්ම අයියායි විසිල් ගහනවා.මුන්ට මොකක් වගේ පේනවද.මන් ටිකක් පිටිපස්ස හැරිලා බැලුවේ ශෙනෙත්ම අයියා එනවද කියලා.අනේ උගෙ බල්ලෙක්වත් නැහැනේ.යකෝ කොල්ලා වෙන එකෙක් එක්ක යද්දි එන්න ඕන නේද සාමාන්‍යයෙන්?

BROKEN WINGS |BLWhere stories live. Discover now