04 කොටස

136 14 7
                                    

අයියා එක්ක කතා කරලා ඉවර වෙලා මන් ආපහු කාමරේට ආවා.කාමරේට කිව්වට ආවේ දෙවෙනි තට්ටුවේ බැල්කනි එකට.මියුන් අයියව හම්බෙන්න මන් කොහොමත් නවය හමාරට විතර යනවනේ බැල්කනියට.

"ආ තාරාහාමි....බැහැරක යනවා වගේ.."

"ඔව් ඔව්...බැහැරක යන ගමන්..."

"කෑගහන්න එපා යකෝ හයියෙන්..පොඩි එකා නිදිද..කෝල් එකක් ගන්නවකෝ.."

මන් ගිහින් බැල්කනි එකෙ වැටට බර උනහම මියුන් අයියා එහාපැත්තේ ඉදන් කෑගැහුවා.මට හිතුනා ඔය මොට්ටපාල තාරාහාමි කියලා කියාවි කියලා.විජය කුමාරයා නිදි වෙලෙට අපි කෝල් එකක් අරන් කතා කරන්නේ.මූත් එක්ක කතා කරන එක හෙන ආතල් අප්පා!

"හෙට එනවනෙ නේද ස්කොලේ..."

"ඕ....කෝ රණමොණරා නැද්ද.."

"රණමොණරෝ...මේන් වරෙන් උබේ තාරාවා කතා කරනවා.."

මියුන් අයියා ඒ කෑගහපු පාර නම් මට ඩබල් වෙලා ඇහුනා.පව් දෙයියනෙ අර රණමොණරා නිදිද කොහෙද..

"මොණරහාමු නිදිද කොහෙද බන්..මහන්සි කිය කියා හිටියේ.."

"ඉන්න දීපන් එහෙනම්..හෙට ස්කොලෙ එනවද ඔයාලා...දහතුනෙ ලොකු අයියලනෙ.ස්කොලෙ අමතක වෙලානෙ.."

"අනෙ පලයන්.පොඩි පගයටනෙ අමතක වෙලා හිටියේ.."

"හරි හරි අනේ..ඒනම් ස්කොලේදි හම්බෙමුකො..හෙට හවසට සෙට් වෙයි කොහොමත් ලිට් සොසයිටි එකෙ වැඩකුත් තියෙයිනේ.."

"ආ එහෙනම් එකෙදි හම්බෙමු මල්ලේ..මටත් නිදිමතයි බන්.උබත් ගිහින් නිදියගනිම් කැරකි කැරකි ඉන්නෙ නැතුව.."

"ගුඩ් නයිට් මියුන්-ටියුන්"

"අනේ ගුඩ් නයිට් බේසික තාරාවා...'

මියුන් අයියා මට ඇද කරද්දි මන් අත වනාගෙන ඇතුලට ආවා.දැන් ආපහු ගාටපන්කෝ තට්ටුවක් උඩට.අපේ අයියට බැරිද දන්නෑ ලිෆ්ට් එකක් ගහන්න.අම්මෝ අහගත්තැහැකි වස කම්මැලි තාරාවගේ කතාව කියලා.එහාට මෙහාට කැරකි කැරකි ඉදලා වැඩක් නැති හින්දා මාත් ඇදට පැනලා කොට්ටෙ බදාගත්තට පස්සෙ කීයට නින්ද ගියාද මතක නෑ...

-----
"දාලා ගිය උබට හෙනම වැදීයන්
කකුල් පැටලී ඇදන් වැටීයන්
ඉන්න කොල්ලට වැරදි පෙනීයන්
මට දීපු දුකම ඩබල් වී ලැබීයන්

BROKEN WINGS |BLWhere stories live. Discover now